Chapter 1

913 110 40
                                    

ඩොක්ටර් ජිමින් ඔයාට පේශන්ට් කෙනෙක් ඇවිත්..

"හරි මන් දැන් එන්නම්"

ලන්ච් එක.අරන් ඉවර කරපු මන් පේශන්ට් ඉන්න රූම් එකට ගියා..

"හ්ම්ම්.. මොකක්ද ඔයාට තීන ලෙඩේ"

මන් මගේ චෙයාර් එකෙන් වාඩිවෙන ගමන් ඇහුවේ මෙච්චර වෙලා මගෙ ටේබල් එක උඩ ඔලුව තියන් හිටපු බෝයිගෙන්..

"අහ්...ඩොක්ටර් මගෙ ඔලුව ගොඩක්.... අහ්..ඒන්ජල් කෙනෙක් මගෙ ඉස්සරහා"

"මොකක්ද....මන් ඇහුවෙ ඔයාගෙ ලෙඩෙ මොකක් ද කියලා මිස්ටර්.."

"මගෙ ලෙඩේ මේ මේ...මගෙ ඔලුව ඒක ගොඩක් රිදෙනවා.."

"ගොඩ කාලෙක ඉදන් තීන එකක්ද "

"නෑ අද තමයි ආවේ"

"අහ් එහෙනම් බය වෙන්න දෙයක් නෑ මේ බාම් ටිකක් ගාලා බලන්නකො ඉක්මන්ටම හොදවෙයි.."

මන් පොඩිකොලේක බාම් එක්ක නමක් ලියලා දුන්නා හොස්පිට්ල් ෆාමසි එකෙන් ගන්න කියලා..

"හොදයි එහෙනම් ඔයාට යන්න පුලුවන්. ඉක්මන්ට හොදවෙන්න කියලා මන් ප්‍රාර්තනාකරනවා.."

"එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා.."

"ඔයා මොකක් හරි කිව්වද"

"ගිහින් එන්නම් කියලා කිව්වෙ"

කිව්වා වගෙම ඒ කොල්ලා ඊලග දවසෙත් හොස්පිට්ල් එකට ආවා.

"ඔයාගෙ ඔලුවෙ කැක්කුම අඩු නැද්ද ඒකද ආයේ ආවේ..."

"ආ ඔව් ඩොක්ටර් මගෙ ඔලුව ඒක ගොඩාක් රිදෙනවා"

"ඒ උනාට මූනෙන්නම් එහෙම පේන්නෑ"

"ආ...මගෙ ඔලුව...ඒක ගොඩක් රිදෙනවා මෙතන තමා ගොඩාක් රිදෙන්නේ.."

ඒ බෝයි එක පාට්ටම එයාගෙ ඔලුව අල්ලන් කෑගහන්න ගත්තා..

"පොඩ්ඩක් ඉන්න. මේකටනම් අනිවාරෙන් ඕක අඩුවෙයි..."

එහෙම කියපු මන් පොඩි බාම් පෙන් එකක් අරන් එයාගේ නහය ලගින් තිබ්බා.

"හොද හුස්මක් ගන්න දැන් "

මන් එහෙම කිව්වාම එයා ගන්න අන්තිම හුස්ම වගෙ ලොකුම ලොකු හුස්මක් ගත්තා..

"කැහැ කැහැ..."

එක පාට්ටම කහින්න ගත්ත එයාගේ ඇස් දෙකයි මූනයි රතුවෙලා කම්මුල් දිගේ කදුලු ගලන්න ගත්තා..

"මොකද උනේ ඔයාට..."

"ඒක ගොඩාක් සැරයි මගේ මොලෙත් එක්ක දැවිල්ලයි.."

"ඔයාට මොලයක් තියෙනවද..."

මන් සැරකරලා ඇහුවා..

"හොද හුස්මක් ගන්න කිව්වාම ගන්න අන්තිම හුස්ම වගේ හුස්මක් ගත්තේ.. මේ බෙහෙත් එක ගොඩක් පවර් ෆුල්"

මන් බනින්න ගත්තම එයා කදුලුගලන මූනෙන් අසරන විදිහට මගෙ දිහා බලන් හිටියා..

"හරි හරී ඕක හිතන්න එපා තව ටික්කින් දැවිල්ල අඩුවෙයි "

එයා ගැන දුක හිතුන නිසා මන් එයාගෙ ඔලුව අතගාලා කිව්වා..

එතකොටනම් එයාගේ කට පෙට්ටියක් වගේ වෙලා ශෝයි හිනාවක් ගියා...

"මොකක්ද ඔයාගෙ නම.."

පේශන්ට්ලගෙ විස්තර මන් ලග නැති නිසා මන් ඇහුවා..

"ආ මේ මගෙ නම..ම්ම්....ටේටේ"

"අහ්..ටේටේ..ඒක අමුතුයි"

"හේ..මට හැමෝම කතාකරන්නෙ ටේ කියලා ඔයා මට ටේටේ කියලා කතා කරන්න.."

"ඇයි මට විශේෂයක්.."

"ඔයා මට විශේෂ නිසා"

"මොකක්ද"

මෙයාට තීන ඔලුවෙ අමාරුව එසේ මෙසේ එකක් වෙන්න බෑ

"අහම් මන් කිව්වෙ ඔයා මගෙ ඩොක්ටර් නේ ඉතින් ඔයා විශේෂයි.."

"දැන් ඔයාට හොදයිනේ.."

"ආ නෑ තව ටිකක් තියේ.."

"ඒ ටික ගෙදර යද්දි නැතිවෙයි..."

"ඒත්..."

"මට තව පේශන්ට්ලා ඉන්නවා.."

මන් ටිකක් සැරෙන් කිව්වා

"හරි එහෙනම් මන් ගිහින් වෙන වෙලාවක එන්නම්කෝ"

පිස්සුද හැටිද...දොරෙන් එලියට යන කොල්ලා දිහා බලන් මන් හිතුවා..

-----------------------------------------------------------

MadushaDilrukshi7 උයාට...❤️

Happy 9th anniversary my lovely boys

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Happy 9th anniversary my lovely boys....💝

Bts friendship forever...❤️

💜💜💜💜💜💜💜

The little one Where stories live. Discover now