වනිශ්ගෙ ගේ තිබ්බේ විජේරාමේ අපේ කැම්පස් එකට ටිකක් එහා. මිනිහා එක්ක කැම්පස් එක ලගින් යද්දි මම සපත්තුවේ දූවිලි පියදාන්න නැමුනා."මොකක් හරි අවුලක්ද සස්?"
"න්... න්... නෑ නෑ... කූඹියෙක් සපත්තුව ඇතුලේ..."
"ඔය දැන් මම චෙන්ජ් කරගන්න කියලා කිව්වේ නැත්තම් ඔහොම්මමනෙ.."
"ම්ම්ම්..." මම මුකුත් නොකියා නැවිලම ඉද්දි කාර් එක නතර වුනා."සස් යමු ඇතුලට..." මම මේක කරන්නම ඕනේද කියන ප්‍රශ්නෙ මගෙ ඔලුවේ ගැඹුරටම ප්‍රශ්නයක් වෙලා. සමසිරි කියලා හන්වඩු ගහන වනිශ්ගෙන් බේරෙන්න ඕනේ... මට වෙන වූන් තාම ෆීල් වෙලා නෑනේ. නැත්තම් එකෙන්ම මම ලිවින් ටූ ගෙදර්... අහන්න එපා ඒ තරම් වලත්තද කියලා නෑ යකෝ මම පොඩි කාලෙ ඉදන් තනි වුන ලමයෙක්... තනියම ඉන්න අකමැති නිසයි බෝඩිමක ඉන්නෙ.
මම කාර් එකෙන් බැහැලා ඒ ගේ දිහා බැලුවා. යකෝ රජ ගේ වගෙ තට්ටු තුනට ලස්සනට හදපු ගෙයක්. පෙනුමෙන් කියන්න පුලුවන් මෑන්ස් හයි ක්ලාස්... මම ඕක අදක ඊයෙක දන්නවා වගෙත් නෙවේනෙ එක අතකට...
"යමු ඇතුලට..." රිමෝට් එකකින් ගේට් එක වැහුව වනීශ් මගෙ අත අල්ලගෙන ඇදන් ගියා.
"මගෙ බෑග් එක..." මම හෙමින් මිමිනුවා. ඇයි මම මේ බය වෙන්නෙ...
"ඉන්න මම ගෙන්නම්..." එහෙම කියලා කැබි එකෙන් බෑග් එක අරන් එන ගමන් එයා ආයෙත් මගෙ අත අල්ලන්න වගෙ යද්දී මම දැනගෙනම සාක්කුවේ තිබ්බ ෆෝන් එක අතට අරන් නිකන් ලෝක් එක අරින ගමන් බැලුවා
"මොනවද ඔච්චර ඕකෙ බලන්නෙ..." වනිශ් මගෙ අත බලන්නෙ නැතුව දැන් නම් ඉස්සර වෙලා යනවා. මාත් ඒ පස්සෙ ගියා. බලන්න කියලා මැසෙජ් එවලා තිබ්බේ විහාරා. ඒවත් අර මම වීඩියෝ කරලා එවන්න කියපුවා කෙල්ල එවලා තියෙන්නෙ. Dp එකෙත් මූණ නෑ කෙල්ලගෙ දිගම දිග කොණ්ඩේ විතරක් පෙන්න දිය ඇල්ලක් ලග ගත්ත ෆොටෝ එකක්. ෆට්ටම ලස්සනයි ලොකේශන් එකත්. මම එක බලලා "වාව්..." කියවුනා.
YOU ARE READING
💙ඔබ අභියස🖤 (Complete)
非小说类මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... මමම විතරයි... අපි එකට අනාගතේ මැව්ව.... ❤🥺 ඔබ අභියස පමණි මට සැනසීම..... කොතෙකුත් ඇතත් මා වටා සතුට හිමි වූයේ දුකද හිමි වූයේ ඔබ අභියස පමණි ❤