39වන කොටස🚆

907 294 128
                                    

මමා..........

එලියට ඇවිත් අඩි දෙක තුනකට වඩා මට ඉස්සරහට එන්න බැරි උනා පොඩි එකී මමා මමා...ගාගන අත් දෙක දික් කරන් ආවා වගේම අසාහියගෙ අතේ  සීනි සිරප් දවටපු පලතුරු කූරු දෙකතුනකුත් තිබ්බා.....

මමා....

හෙමින්...හෙමින්.....අනේ...හෙමින්.....

කොන්ඩේ වන වන දුවන් එන පොඩි එකීගෙ දුඹුරු පාට ඇස් බෝලා දැන් සම්පූරනම කාල වර්න වෙලා තිබ්බා වගේම තොල් පවා වෙනස් වෙලා තිබ්බා.....

එයා වෙනස් වෙනවද    .....ඒත්.....උගෙ අතේ කලු පබලු වැලක් තියනවනෙ.......ඔක්කොටම කලින් ඒක කඩාගන්න විදිහක් හොයන්න වෙනවා.....

දුවන් ආව ලමයව මම වඩා ගත්තා වගේම කෙල්ල මගෙ බෙල්ල බදාගන  උරහිස උඩමූන ගහගත්තා .....බලන් ඉන්න ඕන කේනෙක්ට නම් හිතෙන්නෙ මෙක හරිම ආදරනීය දසුනක් කියලා උනාට....අවංකවම මතු පිට පෙනුමට වඩා  එතන වෙනත් අර්තයක් හැංගිලා තිබුනා..   

සෙන්සේ.....කීයටද....කීයටද....ඌව මරන්නෙ කීයටද........

ඇගම හිරි වට්ටවන් යන කටහඩ ෆෝමලීන් සැර මේ ඔක්කොම නහයට වදින කොට මමා කියන හුරතල් කටහඩ සම්පූරනම වෙනස් වෙලා මහ කෲර කටහඩක් එලියට ඇවිත් තිබ්බා.....එයා කතා කරන කටහඩ හුස්ම හැම දේම වෙනස් කියන එක මට දැනෙනකොට මම ඉක්මනට අසාහි දිහා බැලුවා....ඒ උනත් මිනිහා මොකුත් දන්නෙ නෑ වගේ උන්නා....

ඒත් ඇත්තටම මට සැකයි........

මෙච්චර ඉක්මනට මගෙ වචනෙ අහන්න තරම්.....නෑ   මගෙ අකී කිව්වා වගෙම අසාහි කියන්නෙම තනිකරම බැටලු හමක් පොරවගත්තු කැනහිලෙක්.....මෙච්චර ලොකු දෙයක් කරලත් බේරිලා ඉන්න ඒ මිනිහව රවට්ටන්න...නෑ..නෑ...නෑ....හිතන තරන් හැම දේම එහෙම ලේසි වෙන්නෙ නෑ.....

මම ලමයගෙ පිටට තට්ටු කරන ගමන් අසාහි දිහා බැලුවා වෙනසක් නෑ   හිනාව ඒ විදිහමයි.  හැබැයි ඒ හිනාව අස්සෙ නොකියන ලොකු දෙයක් තිබ්බා.....මගෙ අකී කිව්වා කියන දේට වඩා නොකියන දේ තේරුම් ගන්න උත්සහ කරන්න කියලා ....ඇත්තටම ...අසාහි...කටින් කියන දේට වඩා ඇතුලාන්තෙන් හංගන දේ තනිකරම කලු පාට වෙනකොට මට අසාහිව ටිකෙන් ටික සැක හිතෙන්න පටන් ගත්තා ......

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now