29වන කොටස🚆

1K 320 66
                                    

ම්ම්හ්ක්...අ...කී.....හ්....

මම නිදා ගත්තා ....පැය කීයක්ද කියන්න මම දන්නෙ නෑ හැබැයි මම නිදා ගත්තා ...නෑ...ඇත්තටම මාව එයා නිදි කෙරෙව්වා    ..එලිය වැටෙන්න ඔන්න මෙන්න  තියලා මාව ගෙදර එක්ක ආව එයා මාව නිදි කෙරෙව්වා....අඩුම පැය පහ හයක් වත් මම නිදියලා තිබුනා.....

ඇස් දෙක වත් අරින්නෙ නැතිව මම රෙද්දෙ ඇතුලෙ ගුලි වෙලා ඉදන් එයාට කතා කරනකොට එයාගෙන් කිසිම සද්දයක් නැති තැන මම ඇස් ඇරියා....

දෙවියනෙ අකී...එයා තනියම ගිහින්ද...මාව නිදිකරවලා එයා අර යකාගෙ ගෙදරට අර අමනුස්සයගෙ ගෙදරට තනියම ගිහින්ද....??

මීට තත්පරේකට උඩදි  මට සහලවලා තිබුන නිදිමත යන්න යනකොට මම ඉද්ද ගැහුවා වගේ කෙලින් උනා....සහලවලා තිබුන   උන ගතිය නැත්තටම නැති උනා උනත් මගෙ ඇගම තලා දාලා වගේම ඇගම ඵන නැති වෙලා යනකොට ඉදගන උන්න මම ඇගෙ හයිය කෙසේ වෙතත් හිතේ හයියට නැගිට ගත්තා ....

අකී...මගෙ අකී...අනේ රත්තරන් ...අකීහ්....

මම බිත්ති අල්ල අල්ල එයාට කෑ ගහහන කොට එයාගෙන් කිසිම හැල හොල්මනක් නැතිඋනා....එයා ඇත්තටම ගිහිල්ලා....එයා ඇත්තටම ගිහින්...අර නරකාදියගෙ ගෙදරට.....

මම ඔලුවට අත ගහ ගත්තා වගේම එහෙම්ම හුලන් කවුලුවට බර උනා....

අකීහ්.....ඇයි අකී ඔච්චර මෝඩ....ඇයි අකී තනියම ගියේ...මම කොහොමද ඔයාව හොයා ගන්නෙ ..ඔයාට මොකක් හරි උනොත් මම කොහොමද  ඉන්නෙ මගෙ අකී......

ඇස් වලින්  පහලට වැටෙන හැගීම් දියර උනුසුම් වෙනකොට දෙකම්මුල් තෙමාගන ඒවා ඔහේ පහලට වැටුනා....

ඇරලා දාලා තිබුන හුලන් කවුලුවෙන්  ආව හීන් හුලග මගෙ සිනිදු හිස කෙස් එහා මෙහා කරනකොට මම නිකමට ජනේලෙන් එලිය බැලුවා....

අනේ අර ඉන්නෙ......

එයා ඉන්නවා   ...දිරපු ලී කොටයක් උඩ ඉදගන එයා කොහෙදෝ බලන් ඉන්නවා....මං බය උන තරමක් දෙවියනෙ...දෙන්න ඕනා මේ යක්ස කොල්ලගෙ පිට පුපුරන්න....

මෙච්චර වෙලාම අඩ අඩ උන්න මගෙ ගිනි ගත්තු හිත ටික ටික නිවෙන කොට මම ඇගට පන අරන් ඉනට ඔතලා තිබුන හන රෙද්දත් අතින් අටවන් අමාරුවෙන් අමාරුවෙන් එයා ගාවට ගිහින් අහක බලන් උන්න කොල්ලට අත දිගෑරලා පාරක් ගැහුවා....

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now