26

337 75 14
                                    

Taehyung pov...

මම යුන්ගි එක්ක හොබී හියුන්ග්ලා හිටපු පැත්තට ආවා...ඒ දෙන්නා අපිව දැකල හෙමීට අපි ඉන්න පැත්තට ආවා...

"ටේ..."කූ මගේ ළගට ඇවිත් කතා කරා...

"ඇයි??.."මම ඕනෙවට එපාවට ඇයි කියලා ඇහුවා...මොකද මට එයා එක්ක තාම කේන්තියි...

"ආහ් මට දෙයක් කියන්න තියෙනවා..." ඒ ගමන මොකක්ද කියන්න තියෙන්නේ මේ මනුස්සයට

"මොකක්ද?"

"ඔයාට මම කියල තියෙනවා නේ හෝසු හියුන්ගී ගැන..."

"ඔව් නිතරම වගේ කියන්නේ, ඔයා එයත් එක්ක තරහයි එයාට ඔයා වෛ......"

"ආහ් ඕ ඕ එන්න එයාව මට හම්බුනා...."

"කෝ කෝ එයා මට එයාට හොඳවයින් දෙකක් කියන්න ඕනේ, මගේ කූව තනි කරේ ඇයි කියලා අහන්න ඕනේ...."

"ආහ් ටේ.... ඒ.." එයා මෙයා මොකද මේ ගොත ගහන්නේ...

"මොකද කූ එයා නැද්ද ගියාද එයා ආපහු ඔයාව දාලා?"

"නෑ නෑ ටේ එයා ඔයාගෙ ඉස්සරහ ඉන්නවා..."මොකක් මේ මනුස්සයාට පිස්සුද මගෙ ඉස්සරහ ඉන්නේ හොබී හියුන්ග් නේ...

"කූ මගෙ ඉස්සරහ ඉන්නේ හොබී-...පොඩ්ඩක් ඉන්න... හ්...හොබි හියුන්ග්ද ඔයාගේ හෝසු..."ආයිෂ් මම පිස්සෙක් වගේ කියෙව්වා නේ ඉවරයි මම සමාජෙට මූණ දීලත්...

"හී... හොබී හියුන්ග්...." මම දත් තිස් දෙකම එළියට දාලා හිනා වුණා...

"ඉතින් ටේ ඔයා මොනවද මට ඉස්සෙල්ලා කියන්න තියෙනවා කියලා කිව්වේ... මම ආසයි ඒවා ටික අහගන්න..."ආහ් ඔම්මා.... මට වලක් කපන් මෙතන වැලලෙන්න ඕනේ...

"හි..හියුන්ග් ඉතින් දන්නේ නැතුවනේ කියෙව්වේ අනික ඔයා ගොඩක් වැරදි කූව බලන්නවත් ආපු නැති එකහ්.."

"එයා මාව බලන්න ඇවිත් බෙයා.. ඒ ආපු හැම වෙලේම මම ඉඳලා නෑ..."
.
.
.
.
කූ මට විස්තරේ කිව්වා... එතකොට හොබී හියුන්ග් කියන්නේ කූගෙ හියුන්ග්...අනේ ඒක...

"මේ හොබී හියුන්ග් මට මෙතන වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද? මට තේරෙන්නේ නැහැ ඔයාල කියන එක..." එක පාරට යුන්ගි හොබී හියුන්ග් ගාවට ඇවිත් ඇහුවා....

"ආහ් පූස් එයා මට මම හිටපු අනාත නිවාසෙදි හම්බුනේ.. මගෙ මල්ලියා..." හොබී හියුන්ග් යුන්ගිට කිව්ව...

"ඒ කිව්වේ....?"

"ආහ් මම පැහැදිලි කරන්නම්කො...."
.
.
.
.
මම යුන්ගිට තේරුම් කරලා දුන්නා.. එයා කටත් ඇරන් මම කියපු ටික අහන් හිටියා...

"ආහ් එහෙමද?..."

"ඔව් යුන්ගි...."

"ආහ් හොබී හියුන්ග් මට ඔයාට දෙයක් කියන්න තියනවා..."

"ඒ මොකක්ද ටේ...."

"අපි පස්සෙ වෙලාවක හම්බෙමු දැන් යන්න ඕනේ හියුන්ග්, ගුක් හෙට ස්කූල් යන්නත් ඕනි..."

"හ්ම්ම් ටේ එහෙනම් අපිත් යමු නේ යුන්ගි...."

"ආහ්?... හා හරි හියුන්ග්..."

_________________________________

🌝❤️

කමෙන්ට් එකක් දාගෙන යම්න... 😚


🌼☘️

Written by - @jung_hoseok_lover

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now