24

325 71 20
                                    

"ට්.. ටේ" ඔව් ඒ බබා දුවගෙන ගියේ ටේ ගාවට,,

"හොබි හියුන්ග්" එයා මගෙ ගාවට දුවගෙන ආවා...

"ටේ මේ ඔයාගෙ මල්ලිද??"

"ආහ් ඔව් මේ මගෙ මල්ලී...."

"ආහ් එහෙමද.." මට හරි පුදුමයි ටේට මේ වගෙ පුංචි වයසක මල්ලියෙක් ඉන්නව කිව්වම....

"ආහ් හියුන්ග් බලනව ඇති මට මේ වයස මල්ලියෙක් ඉන්නේ කොහොමද කියලා..."

"ම්ම්ම් ඕ ඒක තමයි..."

"මෙයා මට හම්බුනේ අනාත නිවාසෙකින්... මෙයා ටිකක් මගෙ කූ වගෙ ඉතින් මම එයාව හදාගන්න ගත්ත... මෙයා ඉතින් මට කියන්නේ හියුන්ග් කියල හී......"

"ආහ් එහෙමද එයා කියුට්...."

"හී ඔව්...ඒක නෙවෙයි හියුන්ග් ඔයාගෙ පිටිපස්සේ ඉන්නේ කවුද?" මගෙ පිටිපස්සේ?? ආහ් දැනුයි මට පූස්ව මතක් වුනේ..

"ආහ් මේ මේ..."

"ආහ් හියුන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් නේහ්?"

"ආ න්"

"ඔව් මම එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්, මම යුන්ගි හමුවීම සතුටක්.. ඔයා??...."ඈහ් ම්... මේ යුන්ගිමද? මෙයා මේ මොනවද කියවන්නේ....

"ආහ් එහෙමද? මම ටේහ්යුන් හොබී හියුන්ගේ යාලුවෙක්.. ඔයාවත් හමුවීම සතුටක්..." ටේ හිනා වෙලා පූස්ට කිව්ව..

"හ්ම්ම්..." පූස් වැඩි හිනාවක් නැතිවම හ්ම් කිව්ව..

ඇත්තටම මට පුදුමයි මොකක්ද ඒ උනේ ඇත්තටම, එයා කිව්වෙ එයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා නේද? ආහ් ඇයි එයා එහෙම කිව්වේ.....

"ටේ...." එක පාරටම කාගෙ හරි කටහඬකින් මම පියවි සිහියට ආවේ...

"ආහ් කූ ඔයා ආවද?" ආ ඒ ටේගේ කූද?

"ඕ ආවා තමයි මම එද්දි ගුක් අර පැත්තේ තනියම සෙල්ලම් කරනව ඔයා මෙහෙමද එයාව බලාගන්නේ..." කූ ඇවිත් ටේට එක දිගට බැනගෙන ගියා...

"අනේ කූ සොරි මම හොබී හියුන්ග්ව දැකල මේ පැත්තට ආවෙ.."

"හ්ම්ම් කමක් නෑ සොරි මම කෑ ගහපු එකට ඉස්සෙල්ලා.... කූ මගෙ දිහා බලල ඔලුව නමල කිව්වා..."

"ටේ ඔයා ගුක්ව එක්කගෙන එන්න... එයාට අයිස් ක්‍රීම් ඕනා කිව්වා..."

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now