🌹Chapter 19🌹

Start from the beginning
                                    

"යමු එහෙනම්.මං ඇරලවන්නම් ඔයාව.මෙහෙම drive කරන්නත් බෑනේ ඔයාට"

Lift එකෙන් බැහැලා car park එකට ආපු ගමන් මං Tae ගෙන් car එකේ යතුර ඉල්ලගත්තේ Tae ට ඔලුව උස්සන් ඉන්න බැරි තරමටම අමාරු නිසා.

මෙයා නම් බබෙක් වගේ.චුට්ටක් වැස්සට තෙමුනත් ඇති අසනීප වෙනවනේ...මං car එක drive කරන ගමනුත් කල්පනා කරේ seat එකට ඔලුවත් තියන් නිදාගෙන ඉන්න Tae දිහා බලාගෙන.

******************************************

"Tae!ඔයා shower එකක් දාගෙන එන්නකෝ.මං ඔයාට soup එකක් ලෑස්ති කරන්නම්"

මං කිව්වේ Tae ත් එක්කම ගේ ඇතුලට එන ගමන්.

"මියාන්හේ Jia!මං නිසා ඔයාට කරදරේ නේද?"

Tae ඇහුවේ මූනත් බෙරි කරන්.

"යාහ්!!ටේෂී!!මං කිව්වද දැන් ඔයාව මට කරදරයක් කියලා?..ආහ්?"

මං Tae ගෙන් ඇස් දෙකත් හීනිකරන් ඇහුවේ ඉනටත් අත් දෙක තියාගෙන.Tae ට හිනා ගියේ මං ඉන්න විදිහ දැකලා.

"කා!කා!පල්ලී!!...ගොඩක් වෙලා වතුරේ ඉන්න එපා හොඳද?"

මං කිව්වේ Tae ව පස්සෙන් තල්ලු කර කරම bathroom එක ලඟට ඇරලවලා.

------------------------------------------

මං soup එක හදලා ඉවර කරනකොටම වගේ තමයි Tae ⁣wash දාගෙන කොන්ඩෙත් අතින් ගස ගස kitchen එක පැත්තට ආවේ.

"යාහ්!Tae!මිච්චෙස්සෝ?මොකටද අච්චර අමාරු තියාගෙනත් නෑවේ?ආහ්?"

"මියාන්හේ!"

"මං shower එකට ඔලුව අල්ලනකොටම තමයි මතක් වුනේ නාන්න හොඳ නෑ කියලා.ඔලුව තෙමිච්ච එකේ නාගෙනම ආවා ඉතිං"

Tae කිව්වේ දත් තිස්දෙකම එලියට දාලා හිනාවෙලා.

"කෝ ගිහින් වාඩිවෙන්න!මං soup එක අරන් එන්නම්.නිමුනට පස්සේ බොන්න බැරිවෙයි ඔයාට"

මං Tae ට soup එකත් ඉවර වෙනකන්ම පොවලා එයාට නිදාගන්න කියලා kitchen එකට ආවේ soup එක හදපු නිසා kitchen එක ටිකක් හැඩිවෙලා තිබුනු නිසා.

මං kitchen එක අස්කරලා ආපහු Tae ලඟට යනකොටත් එයාට නින්ද ගිහින් තිබුනේ.පව්..එයාට ඇත්තටම අමාරු ඇති.මං හිතුවේ එයාගේ ඔලුවත් අතගාන ගමන්.

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now