"එ..එතකොට ඒරා?එයාව නෙමෙයිද Tae marry කරන්න ඉන්නේ එතකොට?"

මං අහපු දේට Jin ට බකස් ගාලා හිනා ගියා.

"ආ...චින්ජා...මේ කෙල්ල නම්..."

Jin කිව්වේ ඔලුවට අතකුත් ගහන් හිනාවෙලා.

"ඒරා Tae ට කැමතියි නම් තමයි.ඒත් Tae හැමදාම ඒරාට සැලකුවේ එයාගෙම නංගි කෙනෙක්ට වගේ.එතනින් එහාට කොල්ලගේ හිතේ ඒරා ගැන කිසිම හැඟීමක් නෑ Jia.අනිත් එක ඒරා Tae ට කැමතියි කිව්වට අඩුම ගානේ එයා තාම දන්නේ නෑ ආදරේ කියන්නේ මොකක්ද කියලාවත්"

ඇත්තටම මං හිටියේ Jin මට කියන දේවල් විශ්වාස කරන්න බැරුව.

"Jia!..Jia!"

Jin මගේ අතින් හොල්ලලා කතා කරනකොට තමයි මං කල්පනාවෙන් මිදුනේ.

"Jin...ඇත්තටම...මට මේ දේවල් විශ්වාස කරන්න අමාරුයි"

මං කිව්වේ මගේ නලලත් අතින් පිරිමදින ගමන්.

"හ්ම්..මට තේරෙනවා Jia.Tae ආදරේ කරන්නේ ඔයාට කියලා දැනගත්තම මටත් මුලින්ම හිතාගන්න අමාරු උනා.මට කේන්තිත් ගියා මේ මනුස්සයා මෙච්චර ලඟින් මාව ආශ්‍රය කරලත් ඔයා ගැන මට කලින් කිව්වේ නැති එකට"

"ඒත් Jia..Tae ඔයාට ආදරේ කරන්නේ ඔයා හිතනවටත් වඩා සෑහෙන කාලෙක ඉඳන්.එයා කොරියාවේ ඉඳලා Germany වලට ආවෙත් ඔයා නිසා කියලා මං කිව්වොත් ඔයා විශ්වාස කරනවද?"

"ආහ්?"

Jin කියන දේවල් මං අහන් හිටියේ හීනෙන් වගේ.

"ට්‍රීං..ට්‍රීං..."

එතකොටම වගේ තමයි Jin ගේ phone එක ring උනේ.

"Okay sir!I'll coming soon!"

"Jia!I'm really sorry!මට දැන් හදිසියේම hospital එකට යන්න වෙනවා.Hospital එකෙන් call කරා emergency එකක් කියලා.Jin කිව්වේ phone එක එයාගේ coat එකේ pocket එකකට දාගන්න ගමන් table එකෙන් නැඟිටලා.

"It's okay Jin!පරිස්සමින් යන්න එහෙනම්"

එහෙම කියන ගමන් මාත් table එකෙන් නැඟිට්ටේ යන්න කියලා හිතාගෙන.

"Jin...ඇත්තටම මට සමාවෙන්න..මං නිසා ඔයාගේ හිත රිදුනා නම්"

"අනියෝ..ක්වෙන්චනා Jia..අනිත් එක මගෙන් සමාව ඉල්ලන්න තරම් ඔයා මට වැරැද්දක් කරලා නෑනේ ලමයෝ"

~So,we met again~|| KTH ✔ Donde viven las historias. Descúbrelo ahora