🌹Chapter 15🌹

Start from the beginning
                                    

"අපි එහෙනම් යනවා Jia"

Jin table එක පැත්තට එනවා දැකපු යුන්ජි ගියේ ජිමින්වත් අතින් ඇදන් Jia ට ඇහැකුත් ගහලා.

------------------------------------------

"ඒරා!මොකද බං Tae ඔප්පා අර ඔයාගේ අයියත් එක්ක ඉන්න කෙල්ල දිහා කටත් ඇරන් බලන් හිටියේ?"

Tae Jia දිහා සෑහෙන වෙලාවක් තිස්සේ බලාගෙන ඉන්නවා දැකපු ඒරාගේ යාලුවෙක් කිව්වා.

"ඒක තමයි යුමී..මාත් දැක්කා"

"එයා ලස්සනයි නේද හැබැයි?Tae ඔප්පා කෙල්ලෙක් දිහා ඔහොම බලන් ඉන්නවා මං දැක්කමයි"

"එයාව මං කොහේදි හරි දැකලා තියෙනවනේ.කොහෙදිද ඒ?..."

ඒරාට Jia ව දැකපු ගමන් හුරුපුරුදු ගතියක් දැනුනත් Jia ව දැකලා තිබ්බේ කොහෙදිද කියලා හරි මතකයක් තිබ්බේ නෑ.

"ආහ්!හරිනේ!මෙයා නේද අර Tae ඔප්පා ගාව තිබුනු photo එකේ හිටියේ..එතකොට ඔප්පා⁣ මෙයාවද මෙච්චර කාලයක් තිස්සේ හෙව්වේ?ආයිශ්!..මට අඳුරගන්න බැරි උනානේ!එතකොට මගේ ඔප්පා කියපු කෙල්ලත් මෙයාද?..."

ඒරා හිටියේ Jia දිහා බලාගෙන ලොකු කල්පනාවක.

"යුමී!මං ටිකක් අපේ ඔප්පා ගාවට ගිහින් එන්නම් හොඳද..."

එ්රා යුමීටත් කියලා කෙලින්ම ගියේ Jin එක්ක කතා කර කර හිටපු Jia ගාවට.

------------------------------------------

"Jia,අද ගොඩක් ලස්සනයි ඔයා"

"කුමාවෝ Jin!ආහ්!අර ඔයා ඊයේ මට කිව්වේ මොකක්ද කියන්න තියෙනවා කියලා.මොකක්ද ඒ?"

Jia ඇහුවේ කලින් දවසේ රෑ Jin හදිස්සියෙන් වගේ Jia ට call කරලා හම්බවෙන්න ඕන කියපු කතාව මතක් වෙලා.

"ආහ්!ඔව්..ම්ම්....අපි ටිකක් එලියට යමුද එහෙනම්..මෙතන සද්දේ ටිකක් වැඩී වගේ"

"Okay Jin!යමු"

"ඔප්පා!!!"

Jin Jia ත් එක්ක එලියට යන්න හදනකොටම තමයි ඒරා එතනට ආවේ.

"ආහ්!ඒරා!වේ?"

"Jia,මං අර ඔයාට කිව්වේ මට ⁣දඟමල්ලක් ඉන්නවා කියලා.ඒ මෙයා තමයි,ඒරා..මගේ නංගි..ඒරා,මේ ඉන්නේ Jia!මං ඔයාට කියලා තියෙනවනේ මෙයා ගැන"

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now