🌹Chapter 14🌹

Start from the beginning
                                    

"මං..මං ඔයත් එක්ක තරහා නෑ Tae.ඒත්..මං දන්නේ නෑ මට ඔයා ඉස්සරහ ඇයි මුකුත් කතා කරගන්න බැරි කියලා.."

කෙල්ල office එකෙන් එලියට ආවෙත් ⁣Tae ගැන කෙල්ලගේ හිතේ තිබුනු සිතුවිලි අස්සේ අතරමං වෙලා...

******************************************
----Jia's POV----

මහී නිසා තුවාල වෙලා තිබුන මගේ හිත ⁣මෙහේ ආවට පස්සෙත් සෑහෙන කාලයක් ගියා හදාගන්න.එයාගෙන් පස්සේ මෙච්චර කාලයක් යනකන් මං කිසිම affair එකක්වත් පටන් ගත්තේ නැත්තේ ඒ බැඳීම් ගැන මගේ හිතේ තිබුනු විශ්වාසය නැත්තටම නැතිවෙලා ගිහින් තිබුනු නිසා..

Jin Africa වල project එකට ගිහින් දැන් මාසයක් වෙන්නත් කිට්ටුයි.එයා පොරොන්දු වුනා වගේම එහේ ගියාට පස්සේ එයාට පුළුවන් හැම වෙලාවකම වගේ මට කතා කරා.

Jin ගැන මගේ හිතේ විශේෂ හැඟීමක් නැති වුනත්,එයා එක්ක කතා කරන්න මං ටිකක් ආස කරා.ඇත්තටම එයා කියන සමහර කතා මං අහන් ඉන්න ආසයි.එයා පිටින් පේන මනුස්සයට වඩා ගොඩක් පරිණත මනුස්සයෙක් කියලා තමයි මට හිතුනේ.එයාට සමාජය ගැන තිබුනේ ලොකු අවබෝධයක්..

තෙහස්...ඔව්...ටික දවසක ඉඳන් එයා ඉස්සරහදි මගේ හිතට ඉස්සරට වඩා දැන් දැනෙන අමුතු හැඟීම මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ.Tae මගේ ඉස්සරහට එනකොට එයාගේ මූන දිහා මට කෙලින් බලන් ඉන්න බැරි තරමටම මං කලබල වෙනවා.

ඉතිං මං හැම තිස්සෙම කරේ පුළුවන් තරම් එයාව මඟ අරින එක.මට sign කරගන්න තියෙන file එකක් උනත් මං යැව්වේ යුන්ජිගේ අතේ.කාලයක් මහී ගැන ඇතිවුන හැඟීම් මට Tae ගැනත් ඇතිවෙයි කියලා මං බයවුනා.

මහී නිසා තුවාල වෙලා තිබුන මගේ හිත ආයෙමත් සැරයක් පාරගන්න මට ඕන උනේ නෑ.අනිත් එක Jin ම⁣ට වචනෙන් කැමතියි කියලා නොකිව්වත් එයා ම⁣ට කැමතියි කියලා මං දැනගෙනයි හිටියේ.ඉතිං එහෙම එකේ Tae ගැන හිතුවොත් මං Jin ට කරන්නේ අසාධාරණයක්.

******************************************

අද යුන්ජි නිවාඩු ගිහින් හිටපු නිසා හදිස්සියේම approve කරගන්න තියෙන file එකක් sign කරගන්න මට Tae ලඟට යන්න සිද්ධ වුනා.මං Tae ගේ cabin එකට යනකොට එයා ඒක ඇතුලේ හිටපු නැති නිසා,මං cabin එකෙන් එලියේ තියෙන rooftop එක පැත්තට ගියේ එයා ඉන්නවද බලන්න.Tae ගොඩක් වෙලාව⁣ට cabin එකේ නැත්තම් ඉන්නේ එතන නිසා.

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now