🌹Chapter 10🌹

Start from the beginning
                                    

Jithmi කිව්වේ තෙහස් ගැන කෙල්ලගේ හිතේ ඇත්තටම ඇති උන අනුකම්පාවෙන්.මොකද තමන්ට අයිති නැති උනත්,තෙහස් මේ විදියට තනියම හිතින් දුක්විඳින එක ගැන කෙල්ල ඇත්තටම දුක් උනා.

"මං හැමදාම එයා වෙනුවෙන් බලන් හිටියා.ඉතිං...තව කොච්චර කාලයක් ගියත් මට එයා වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්.."

Jithmi ට පුදුමයි...තෙහස් මේ තරමටම හිතින් ආදරේ කරන විදියට...

******************************************

---Jia's POV---

මගේ birthday එක දවසේ උන සිද්ධියෙන් පස්සේ,Tae මාත් එක්ක කතා කරන්න එන හැමවෙලාවකම වගේ මං කරේ එයාව මඟඅරින එක.මට ඇත්තටම එයාගේ නිදහසට කාරණා අහන්න ඕනකමක් තිබ්බේ නෑ.

මාසෙකට විතර පස්සේ Tae ගේ කොරියා වල ඉන්න සීයා,ඒ කියන්නේ මින්ජු ආන්ටිගේ තාත්තා හදිසියේම නැති උන නිසා එහේ එයාලගේ business ගැන බලන්න ⁣Tae ලට කොරියාවට යන්න වෙනවා කියලා අපේ අම්මලට කියලා තිබ්බා.Tae ගේ studies වල වැඩත් එයාලා එහේ ලෑස්ති කරලා තියෙනවා කියලා තමයි කියලා තිබ්බේ.

Tae කොරියාවට යන්න පිටත් වෙන දවසේ airport යන්න කලින් අපේ ගෙදර එනකොට මං හිටියේ මගේ room එකේ.

"චූටි දූ,මේ දොර අරින්න ලමයෝ!තෙහස් පුතා ඇවිත්.එයා යන්න හදන්නේ"

අම්මි මගේ room එකේ දොර ලඟට ඇවිත් කතා කරත් මං දොර ඇරියේ නෑ.එතකොටවත් මට ඕන උනේ නෑ Tae එක්ක කතා කරන්න.

"ඇයි දරුවෝ ඔච්චර නපුරු වෙන්නේ?මේ දොර අරින්නකෝ.ඔයාගේ යාලුවා නේද මේ?"

"කමක් නෑ ආන්ටි.එයාට කරදර කරන්න ඕන නෑ.මං යන්නම්"

"ඔයා ඕවා ගනන් ගන්න එපා පුතේ.අනේ මන්දා මේ ලමයට ලඟකදී ඉඳලා මොනවා වෙලාද කියලා."

මං දොර ඇරියේ නැතිපාර අම්මා පල්ලෙහාට ගියේ මට බැන බැන.

"Jia...මං යන්නයි හදන්නේ.මං දන්නවා ඔයා අහන් ඉන්නේ කියලා.මට සමාව දෙන්න කියන්නේ නෑ මං ඔයාට...ඒත් අපි ආයේ දවසක හම්බ උනාම,ඉස්සර වගේ මාත් එක්ක හිනාවෙලා කතා කරනවද?මං බලන් ඉන්නවා ඒ දවස වෙනකන්.පරිස්සමින් ඉන්න Jia..මං යන්නම්..."

Staircase එක පැත්තෙන් ඇහෙන අඩි සද්දෙන් මං දැනගත්තා Tae ගියා කියලා.Tae ගියාට පස්සේ කාමරේ දොරට හේත්තු වෙලා මං ඇඬුවා..ඉකි ගගහා ඇඬුවා..මට ඕන උනා එකපාරක්හරි එයාට පරිස්සමින් ගිහින් එන්න කියන්න..ඒත් Tae ඔයාට තිබුනා එකපාරක් හරි මහී ගැන මට අැත්ත කියන්න..එහෙම උනා නම්...මේ හැමදෙයක්ම මීට වඩා වෙනස් වෙන්න තිබුනා..

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now