🌹Chapter 07🌹

Start from the beginning
                                    

මං කිව්වේ Tae අලවපු plaster දෙක මහීට පෙන්නන ගමන්.

"හ්ම්.එහෙමද.Jia මේ...එයා ඔයාට වෙන මොනවාහරි කිව්වද?"

"ම්ම්..නෑ..ඇයි එහෙම ඇහුවේ?"

"නෑ.නිකං.මං හිතුවා ආයේ ඔයාට කෑ ගහන්න ඇති කියලා.ආයේ එයා ඔයාට මොනවාහරි කිව්වොත් මට කියන්න ඕන හොඳද?"

මහී කිව්වේ මගේ අතකිනුත් අල්ලලා.

"හරී.."

******************************************

"මෙච්චර දවසක් ඔයත් එක්ක කතා නොකර හිටියට sorry.ඔයා මට කෑ ගහපු නිසා මං හිටියේ ගොඩක් දුකින්.අද මගේ තුවාල වල⁣ට බෙහෙත් දැම්මටත් thanks.ඔයා මාත් එක්ක හිටපු නැති දවස් ටිකේ ඔයා නැති අඩුව මට ගොඩක් දැනුනා.මට පාලුයි අප්පා ඔයත් එක්ක ඕපයක්වත් කතා කරන්න නැති එකට.Tae අපිට ආයෙමත් කලින් වගේම හොඳින් ඉන්න පුලුවන් නේද?   
                                                        Jia"

ගෙදර ආපු වෙලාවේ ඉඳන් කල්පනා කරලා කරලා,අන්තිමේදි Tae ත් කතාකරන්න මං තීරණය කරා.මට මතක ඇති කාලේ ඉඳන්ම එයත් එක්ක මං මෙච්චර දවසක් ඔය කතා කරන්නේ නැතුව හිටියමද කොහෙද..ඒත් දැන් එයත් එක්ක ගොඩ දවසකින් කතා කරේ නැති නිසා,එයත් එක්ක කතා කරන්න මට නිකං මොකක්ද වගේ අප්පා.ඒ හින්දා මං එයාට දෙන්න chit එකක් ලියාගත්තා.

Tae debate competition එකෙන් win කරපු එකටත් මට මුකුත් දෙන්න බැරිඋන නිසා,මං school ඇරිලා එන ගමන් එයාට දෙන්න T shirt එකකුත් අරගෙනමයි ආවේ.එයා ගොඩක් වෙලාවට අඳින්නේ white colour shirts නිසා,මං එයාට ගත්තේ white colour oversized T shirt එකක්.

මං එයාට ගත්ත T shirt එක wrapping paper එකක ලස්සනට pack කරලා,මං එයාට ලියපු chit එකත් තුනට හතරට නවලා ඒක අස්සටම දැම්මා.

******************************************

Tae ගෙදර හිටියේ නැති  උනොත් හොඳයි.එහෙම උනොත් මං මින්ජු ආන්ටිට දීලා එනවා එයාට දෙන්න කියලා.ලොක්කා වගේ ආවට මොකද,Tae ගේ ගේ ලඟට යද්දි මගේ කකුල් නිකං ලොක් වෙනවා වගේ.ඕන මඟුලක් කියලා මං ගිහින් Tae ගේ ගෙදර bell එක ගැහුවා.

"ආහ්!Jia දුව,එන්න ඇතුලට.ගොඩ දවසකින් නේද?ඒත් මං අපේ පුතත් එක්ක කිය කිය හිටියේ මොකද දන්නේ නෑ දුව ගොඩ දවසකින් අපේ දිහා ආවේ නැත්තේ කියලා"

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now