🌹Chapter 06🌹

Začít od začátku
                                    

"Jia,please මං කියන දේ ටිකක් අහන්න"

Tae ත් මගේ පස්සෙන් ඇවිත්ද එතකොට.එයා ඇවිත් ම⁣ගේ අතින් අැද්දා.Taeගේ අත ගසලා දාලා මං ආපහු යන්න හදද්දී,මහී මාව නැවැත්තුවා.

🧑 "Jia,මොකක්ද උනේ?ආහ්?මෙයා මොනවද කිව්වේ ඔයාට?"

🐯"ඒක මගෙයි,Jia ගෙයි කතාවක්.ඒක තමුන්ට අදාල නෑනේ"

🧑"කවුද දැන් තමුසේගෙන් ඇහුවේ?"

ඒපාර මොකක්ද මේ දෙන්නට වෙලා තියෙන්නේ.ඒ දෙන්නට ඕන මඟුලක් කරගන්න දීලා,මං එතනින් යන්න හදද්දී මහී ආයෙත් මගේ අතින් ඇද්දා.

"Jia,මෙයා ඔයාට බැන්නද?අාහ්?"

"Jia,please මං කියනදේ ටිකක් අහන්න.මං..මං ඇත්තටම හිතලා නෙවෙයි එහෙම කිව්වේ ඔයාට.Sorry!"

Tae මගේ අතින් අල්ලලා කියද්දි මං Tae ගේ අත ගසලා දැම්මා.

"මේ තෙහස්,තමුසෙට ආයේ මං කියන්නේ නෑ.Jia ගෙන් ඈත් වෙලා ඉන්නවා"

මහී කිව්වේ එකපාරටම Tae ගේ කොලර් එකෙන් ඇදලා.

"හහ්!මං ඇයි එහෙම කරන්නේ?තමුසේ Jia ගේ තාත්තාද?"

ඒ පාර Tae ත් මහීගේ කොලර් ඇද්දා.දැන් නම් මේ දෙන්නාගේ සෙල්ලම බලන් හිටියා හොඳටම ඇති.

"තෙහස්,මහීව අත අරින්න.ඔයා කියන කිසිම දෙයක් මට ආයේ අහන්න ඕන නෑ.අනිත් එක මට ඔයාට කියන්න තිබ්බ දේවලුත් මං කියලා ඉවරයි.ඒ නිසා ආයේ මට කරදර කරන්න එපා"

එහෙම කියපු මං මහීවත් ඇදගෙන එතනින් ආවේ Tae බලාගෙන ඉද්දි.

"මහී,මං හවසට class එකේදී ඔයාව හම්බවෙන්නම්.ආයේ තෙහස් එක්ක රන්ඩුවට යන්න එපා හොඳද?"

******************************************

අද හවස class එකට මං තාත්තාට කියලා කලින්ම ගෙනත් දාගත්තේ මං bus එකේ ගියොත් Tae ත් එක්ක යන්න වෙන නිසා.

"Jia,ඕක බොන්නේ නැද්ද ලමයෝ?"

Juice glass එක අතගගා හිටපු මං ගැස්සිලා ගියේ මහී මට කතා කරනකොට.

"ආහ්!ඔයා මොනවා හරි කිව්වද මහී?"

"මං ඇහුවේ ඔයා ඕක බොන්නේ නැද්ද කියලා?ඔයා ඕවට කැමති නැත්තං මං වෙන juice එකක් order කරන්නද?"

~So,we met again~|| KTH ✔ Kde žijí příběhy. Začni objevovat