Tae මගෙන් ඇහුවේ කෑ ගහලා.

"ඔය ලමයි දෙන්නා මොකද ඔය සද්ද කරන්නේ ආහ්?මේක library එක කියලා අමතක උනාද?"

Tae ගේ සද්දෙට library එකේ හිටපු sir එහෙම අහද්දි අපි දෙන්නා කරේ ආයෙත් පොත දිහාට ඔලුව නමාගත්ත එක.Tae ට තරහා යන්න තරම් දෙයක් මං කිව්වේ නෑනේ ඉතිං.එයාට එන්න බැරිනම් බෑ කියන්න තිබ්බනේ,මට කෑ ගහන්නේ නැතුව.

"Tae!"

මං Tae ට කතා කරත්,එයා ඇහුනේ නෑ වගේ පොත බලන ගමන් හිටියේ.

"Tae!"

මං ආයෙත් කතා කරා.එයා ඇහුනේ නෑ වගේ හිටපු නිසා මං එයා කියව කියව හිටපු පොත උඩින් මගේ අත තිබ්බා.Tae එක පාරක් මගේ දිහා රවලා බලලා,පොත එයාගේ පැත්තට ඇදලා ගද්දි එකපාරටම පොත ඇතුලේ තිබුනු කොලයක් බිමට වැටුනා.

බිම වැටුනු කොලේ අහුලන්න මායි,Tae යි බිමට නැමුනත් Tae ඒ කොලේ අහුලන්න කලින් මං අහුලගත්තා.මං ඒ කොලේ Tae ට දෙන්න හැදුවත්,එකේ තිබ්බේ Tae ගේ අත්අකුරු නිසා කොලේ එයාට නොදී මං ඒකේ ලියලා තිබුන ඒවා කියවන්න ගත්තා.

"Tell me why am I emotional,
             When I knew it from the start..."

ඒකේ ලියලා තිබුනේ Tae ගේ කැමතිම song එකේ lyrics එක්ක තව English වලින් ලියපු verses ටිකක්.

"Jia,ඕක දෙන්න මෙහාට!"

Tae හරිම කලබලෙන් ඒ කොලේ මගෙන් උදුරගෙන එයාගේ පොත අස්සේ දාගත්තා.එයාගේ නලල දෙපැත්තට දාඩියත් දාලා.මෙයාගේ නම් මොකක් හරි හොරයක් තියෙනවා.එහෙම හිතලා මං ආයෙත් Tae ගෙන් පොත උදුරගෙන කොලේ ගන්න ගියා.Tae  ආ⁣යෙත් පොත උදුරගත්තා මගෙන්.මාත් ඉතිං ගේම අතඇරියේ නෑ හැබැයි.අපි දෙන්නම පොත දෙපැත්තට ඇද්දා.

"චිරිස්!"

හුටා!ඉරුණා නේද පොත.අපි දෙන්නා පොත දෙපැත්තට ඇදපු පාර පොතේ පිටුවක් ඉරුණා.

"ඔය ලමයි දෙන්නා කරුනාකරලා යනවලා එලියට!මං සැරේකුත් කිව්වනේ සද්ද කරන්න එපා කියලා"

Sir අපිට එලියට යන්න කියද්දි,library එකේ ඔක්කොමලා අපි දිහා බලාගෙන හිටියේ. ලැජ්ජාව භාජනේකට දාලා මං library එකෙන් එලියට එනකොටත් Tae මඟක් දුර ගිහින්.

පව් Tae.එයාට තරහා යන්න ඇති.මං නිසා එයාගේ notebook එක ඉරුණු එකට.ඒ උනාට ඉතිං එයාට තිබුනනේ මට ඒ කොලේ පෙන්නන්න.මං Tae ගේ පිටිපස්සෙන් දුවලා ගිහින් එයාගේ අතකින් අල්ලලා නවත්ත ගත්තා.

~So,we met again~|| KTH ✔ حيث تعيش القصص. اكتشف الآن