🌹Chapter 04🌹

Start from the beginning
                                    

මෙච්චර වෙලා class එකේ කෑ ගගහා හිටපු ලමයි ඔක්කොම එකපාරටම මීයට පිම්බා වගේ,කටවලුත් ඇරන් අපි දෙන්නා දිහා බලන් ඉන්නවා මං එතකොටයි දැක්කේ.

"මං ඇත්තටම ඔයාට ගොඩක් කැමතියි Jia.වෙන කවුරුවත් ගැන හිතිලා නැති තරමටම."

එයා මගේ අත එයාගේ අතින් අල්ලගෙන ආයෙත් කිව්වා.මගේ පපුව ගැහෙන සද්දේ එලියටත් ඇහෙනවද මන්දා.ඒ තරම් හයියෙන් ගැහෙනවා.මට මහීට උත්තර දෙන්න ඕන උනත්,මට මුකුත් කියාගන්න බැරි උනා.මං කරේ ගල්වෙලා වගේ එයා දිහා බලන් හිටපු එක විතරයි.

"මේ තියෙන්නේ මගේ number එක.ඔයා මේකට message එකක් දැම්මොත් මං හිතා ගන්නම් ඔයා මට කැමතියි කියලා හොඳද?"

මහී එයාගේ  number එක ලියපු chit එක මගේ අත උඩින් තියලා යන්න ගියා.මඟක් දුර ගිහින් මහී ආයෙමත් මගේ දිහා හැරිලා බලලා,

"Jia,මං බලන් ඉන්නවා එහෙනම්"

කියලා යන්න ගියා.මහී ගිහින් විනාඩි ගානක් යනකම් මං හිටපු විදියටම හිටියා.මට තාමත් හිතා ගන්න බෑ මහී මට ඇත්තටම කැමතියි කිව්වද කියලා.class එකේ ලමයි මහී ගැන මොනවද කුටු කුටු ගානවා ඇහුනත්,මං ඒවා ගැන වැඩිය ගනන් ගත්තේ නැත්තේ මහී මට කියපු දේවල් ගැන මං හිත හිත හිටපු නිසා.

******************************************

"Math oyata godak kamaththen hitiye.mn Jia."

"Oyage hinawa lassanai"

"Oya basketball play karanakota mara handsome"

මොනාද දෙයියනේ මං මේ type කරන ගොන් message?⁣කොච්චර tv series බලලා තිබ්බත් මට පොඩ්ඩක්වත් romantic වෙන්න තේරෙන්නේ නෑනේ අප්පා.ඇඳේ එහාට මෙහාට පෙරලි ⁣පෙරලි phone එකේ message type කරන ගමන් මං හිතුවා.

"❤️ Jia"

අන්තිමේ කල්පනා කරලා කරලා,ඕන මඟුලක් කියලා මහීට එහෙම message එකක් දාලා,මං ලෑස්ති වෙන්න ගියේ tae ත් එක්ක KCC යන්න promise උන නිසා.

මං ලෑස්ති වෙලා පල්ලෙහාට එනකොටත් Tae ඇවිත් හිටියේ.මාව දැකපු ගමන් Tae මට හිනාවෙලා අත වැනුවේ හරියට මාව ගොඩ කාලෙකින් දැක්කා වගේ.මේ මනුස්සයට නම් මොනවා වෙලාද මන්දා.කවදාවත් නැතුව Tae හිටියේ හරිම සතුටින්.

මහී මට කැමතියි කිව්වා කියලා මට තාම Tae ට කියන්නත් බැරි උනා.එහේ ගියාමම හිමීට  කියනවා.

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now