🌹Chapter 03🌹

Start from the beginning
                                    

"ඔව්!මට එහෙම තමයි!"

"මං ඒ වෙනුවට එකක් අරන් දෙන්නම්"

"ඒවා ඉතිං මහී දෙන ඒවා වගේ නෙමේනේ"

"එතකොට මං අරන් දෙන ඒවා ඔයාට වටින්නේ නැද්ද Jia?"

"ඔයා ඉතිං හැමදාම අරන් දෙනවනේ"

මං එහෙම කියද්දි tae ගේ මූන බලාගෙන ඉද්දි වෙනස් උනත්,මං ඒක ගැන වැඩිය හිතන්න ගියේ නැත්තේ,හැමදාම මොකක් හරි උනාම මට කලින් එයා මූන එල්ලගන්න නිසා..

******************************************
"හරි ලමයි!දැන් ඔයාලා මං බෙදපු විදියට ගිහින් අස්කරන්න පටන් ගන්න එහෙනම්.period 02 ඉවර වෙන්න කලින් වැඩේ ඉවර කරන්න පුළුවන් උනොත් හොඳයි"

අද science lab එක clean කරන්න තිබ්බ දවස.Lab එක භාරව ඉන්න miss maths class දෙකෙයි,bio class දෙකෙයි ලමයිව group 04කට බෙදුවා.මගේ වෙලාවටමද මන්දා මං වැටුනෙත් මහීගේ group එකටමයි.tae නම් වැටුනේ වෙන group එකකට.අපේ group එකට හම්බුනේ skeleton ටික පිරිසිදු කරන්න.

මං brush එකකුක් අරන් ගිහින් human skeleton එකක් පිහදාන්න ගත්තා.එකපාරටම කවුරුහරි මගේ දිහා බලන් ඉන්නවා වගේ දැනුන නිසා මං එහා පැත්ත බැලුවා.

එතකොටයි මං දැක්කේ මහී හිනාවෙලා මගේ දිහා බලන් එහා පැත්තේ skeleton එක පිහදානවා.එයා හිනාවෙද්දි හරි ලස්සනයි අප්පා.නලුවෙක් වගේ.මාත් ඉතිං දත් 32ම එලියට දාලා එයත් එක්ක හිනා උනා.

"Jia,ඔයා අද හවස class එකට එනවද?"

"මං.."

මං මහීට උත්තර දෙන්න හදද්දිම Tae අපේ මැද්දට brush එකකුත් අරන් skeleton පිහදාන්න ගත්තා.මේ මෝඩයාත් හොඳම වෙලාවටනේ ඉතිං කඩන්පාත් වෙන්නේ.

"Tae,ඔයාට මෙතන නෙවේනේ සුද්ද කරන්න තියෙන්නේ.ඇයි මෙහාට ආවේ?"

මං tae ගෙන් ඇහුවේ රහසින්.

"මං එතන සුද්ද කරලා ඉවරයි.ඔයාට උදව් කරන්න ආවේ."

එහෙම කියලා Tae එයාගේ පෙට්ටි හිනාවත් දාලා,කිසිම ගානත් නැතුව ආයෙත් පිහදාන්න ගත්තා.මං මහී දිහා බලන්න හැදුවත් Tae දඟල දඟල පිහදාන නිසා මට එයාව හරියට පෙනුනේ නෑ.

ටික වෙලාවකට පස්සේ මහී මගේ එහා පැත්තේ skeleton එක ලඟට ආවා.මං එයා දිහා බලලා කතා කරන්න යනකොටම ආයෙත් අර මෝඩයා අපේ මැද්දට ඇවිත් පිහදාන්න ගත්තා.

"Tae,මට මේක තනියම සුද්ද කරගන්න පුළුවන්.ඔයා යන්නකෝ දැන්."

ඒත් මෙයා මං කියන දේවල් ඇහුනේ නෑ වගේ කටත් උල් කරන් වැඩ.

"ට්‍රීං..ට්‍රීං.."

Period 02 ඉවරවෙලා bell එකත් ගැහුවා.මදැයි පොඩ්ඩක් මහී එක්ක කතා කරන්න හැදුවා.tae ඇවිත් ඒ්කත් කඩාකප්පල් කරානේ.ඇත්තමයි මේ මෝඩයා නම්..

******************************************

"Jia,අද sir call කරලා කිව්වා සර්ට ටිකක් අසනීප නිසා හවස class එක cancel කියලා."

මං පැයක් විතර අල්මාරියත් එක්ක ඔට්ටු වෙලා class යන්න ඇඳුමක් තෝරගෙන ලෑස්ති වෙලා පල්ලෙහාට එද්දී තමයි Tae අපේ ගෙදර ඇවිත් පනිවි⁣ඩේ දුන්නේ.

"අපරාදේ!මහී මට මොකක්ද දන්නේ නෑ කියන්න හිටියේ.sir ටත් වෙන දවසක් තිබ්බෙම නැද්ද අප්පා අසනීප වෙන්න."

To be continued...

************************************

************************************

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~So,we met again~|| KTH ✔ Where stories live. Discover now