🌹Chapter 01🌹

Începe de la început
                                    

හැබැයි මං නම් ඒකේ අනිත් පැත්ත.කොච්චර try කරත් මට වැඩිය ඉගෙන ගන්න බෑ.O/ls වලටත් බොහොම අමාරුවෙන් තමයි maths වලටත් C එකක් ගත්තේ.ඒ ගන්න පුළුවන් උනෙත් Tae හැම තිස්සෙම ම⁣ට ටොකු ඇන අැන ගණන් හදන විදිය කියලා දීපු නිසා.

මං අම්මිලා arts කරන්න කියද්දිත් මගේ ඕන කමට maths තෝර ගත්තේ මගේ crush එකත් maths කරනවා කියලා ආරංචි වෙච්ච නිසා.

එයා තමයි මහීන්.එයාගේ නම වගේම එයත් ගොඩක් handsome.Tae ඇරුනම මහී තමයි ඉතිං school එකේ කෙල්ලන්ගේ හීන කුමාරයා.හැබැයි Tae වගේ ආඩම්බර කෙනෙක් නම් නෙවෙයි එයා.හැ⁣මෝමත් එක්ක හොඳට හිනා වෙලා කතා කරනවා.හැබැයි ඉතිං එයාට යන යන තැන කෙල්ලෝ.Affair එකක් තිබ්බත් උපරි⁣ම සතියයි.දෙකයි.ඒත් මං එයාට ආදරේ කරා.කවදමහරි දවසක එයාට මං ගැන ආදරයක් හිතෙයි කියන බොලඳ වි⁣ශ්වාසෙත් එක්ක.

******************************************

මෙච්චර මේ සද්ද අස්සේ මෙයා කොහොම පොත් කියවනවද මන්දා.Interval එකේදී මට අමාරු ගාණක් ගැන දැනගන්න tae ව හොයද්දි තමයි මං දැක්කේ එයා ground එක අයිනේ තියෙන කොහොඹ ගහ යට තිබ්බ bench එකට වෙලා පොතක් බලනවා.

"Tae,මේ මට මේ ගණන් ටික හදන විදිය කියලා දෙන්නකෝ.කොච්චර බැලුවත් තේරෙන්නේ නෑනේ."

මං tae ලඟට ගිහින් කිව්වත් මේ මනුස්සයා ඇහුනේ නෑ වගේ ඉන්නවා ඒ පාර.ආ!කොහේ ඇහෙන්නද ඉතිං කන් දෙක වයරින් කරන් ඉන්නකොට.

මං tae ගේ එහා පැත්තෙන් වාඩි වෙලා එයා කනේ ගහගෙන හිටපු ear bud එකක් ගලවලා මගේ කනේ ගහ ගත්තා.එතකොට තමයි එයා මං ඇවිත් කියලා දැක්කේ.ලොකේ පෙරලුනත් ඔච්චර තමයි ඉතිං මෙයාට.

"Tell me why does my heart burn this way,
When I see your face.."

ඒකේ play උනේ tae ගේ කැමතිම song එක.Wafia ගේ heartburn song එක.මෙයාට මේක අහලා එපා වෙන්නේ නැද්ද මන්දා.කොටින්ම කිව්වොත් මේ මනුස්සයාගේ phone එකේ ring in tone එකටත් මේකමයි දාගෙන ඉන්නේ.

"මේ,දැන් එතකොට ඔයාගේ ඔය පපුව පිච්චෙන්නේ කවුරු දකිනකොටද?"

"යාහ්!Jia!"

"ඉතිං,මං ඇත්තටමයි ඇහුවේ.ඇත්තටම එහෙම එක්කෙනෙක් ඉන්නවද?...අපේ මේ තෙහස් උතුමාණන්ගේ හිත හොල්ලන්න තරම්?"

අම්මෝ!ඒක අහනකොට බලන්න එපැයි මෙයාගේ තියෙන පැණි හිනාව.කන් 2ත් එක්ක රතු වෙලා..

🐯 :හ්ම්..ඔව්..

👩: වාහ්!really?කවුද ඒ?අපේ school එකේද?අපේ වයසෙද?මොන class එකේද?

🐯: ම්ම්.....අපේ class එකේ..

👩: Oh my god!කවුද බොලේ ඒ?tae,කවුද කියන්නකෝ අනේ.

කුතුහලේ වැඩි කමට මං Tae ගේ අතකුත් හොල්ලන ගමන් ඇහුවේ.

"එන්නකෝ.."

Tae එයාගේ ලඟට මට කතා කරේ රහසක් කියන්න වගේ.මාත් ඉතිං හොඳට හරිබරි ගැහිලා එයාට ලං වුනා.

"එයා තමයි....ඔයා..."

"ඇත්තමයි,මේ මෝඩයා නම්😒.මාව විහිලුවකට අරන් දැන් හිනා වෙන හැටි විතරක්."

"මං යනවා."

එහෙම කියලා මං නැඟිටලා යන්න හදද්දී tae මගේ අතින් අල්ලලා නැවැත්තුවා.

"එයා ගැන මං වෙලාව ආවම කියන්නම්.අනිත් හැමෝටම කලින් මං ඔයාට තමයි ඒ ගැන මුලින්ම කියන්නේ.තේරුණාද? ම්ම්.."

"හාකෝ.හාකෝ.බලමුකෝ කවුද ඒ ගිනි මකරි කියලා..."

"යාහ්!Jia!"

To be continued.......

******************************************
නිකං හිතේ ඇඳුන කතාවක් අනේ මේක..මං ff reader කෙනෙක් මිසක writer කෙනෙක් නම් නෙවෙයි..So අඩුපාඩු නම් අැති ගමකට🙂...

~So,we met again~|| KTH ✔ Unde poveștirile trăiesc. Descoperă acum