Part 6 ❤️

1.4K 297 136
                                    

ආයිෂ්... මට නින්ද ගිහින් නේද. රෑත් වෙලා. වැඩට ගිහිනුත් නෑ මන්. වෙලාව බලද්දි රෑ හත හමාරයි.

" සේහා ඔයාට දැන් කොහොමද. "

මන් ඇඳෙන් නැගිටිද්දිම අම්මා ඇවිත් ඇඳේ පැත්තකින් වාඩි වෙලා මගේ නළලට අත තියලා බැලුවා.

" තාම උණ අඩු නෑ. අඳෙන් බහින්නැතුව ඔහොමම ඉන්න. "

මට උණත් හැදිලද දෙයියනේ. මන් නළලට අත තියද්දි ගිනි කබල වගේ රස්නෙයි. ඇඟත් හරෙන් මෙහෙන් ඇදුම් කනවා. මේ හැමදේම අර මෝඩ හා තඩියා නිසා තමයි.

" අම්මා මන් වැඩට යන්න ඕනි. "

" ඇයි එහෙ මිනිස්සුන්ටත් උණ බෝ කරලා එන්නද. පණ්ඩිත වැඩ කරලා එනවා මෙතන තව කියවන්න. "

" මොනාත පණ්ඩිත. "

" අර එහා ගෙදර ළමයත් එක්ක මොකටද වැස්සෙ තෙමුණේ. ඒ ළමයටත් හෙම්බිරිස්සාව හැදිලා. මෙහෙට ආව වෙලේ ඉඳන් හචින් යවනවා. ඒ ළමයවත් කොහොමහරි කරලා ලෙඩ කරා නේ ඔයා. "

ජන්ග්කුක් මෙහෙ ඇවිත්ද. තිබ්බ උණත් අමතක කරලා මන් ඇඳෙන් පැනලා දුවන්න ගියේ ජන්ග්කුක්ව බලන්න.

" කොහෙද ළමයෝ යන්නෙ. "

" ජන්ග්කුක් "

" ඒ ළමයා ගියා. මෙතනින් වාඩි වෙන්න. ඇයි ඔයා මට කිව්වෙ නැත්තෙ ඒ ළමයා අයිඩල් කෙනෙක් කියලා. ඒකත් BTS මෙම්බර් කෙනෙක් කියලා. ඒ දරුවා කියනකන් මන් දැනන් හිටියෙ නෑ. "

දෙයියනේ මේ මනුස්සයට පිස්සුද. මට කාටවත් කියන්න එපා කියලා මෙයා රොයිටරේ වගේ හැමෝටම කියලනෙ එයා ගැන. ඇයිද දන්නෑ නේ මෙහෙ ආවෙ. මාව බලන්නද දන්නෑ හූම්.

" සේහා මොකද තනියම හිනා වෙන්නෙ. ඇයි ඔයා කලින් කිව්වෙ නැත්තෙ. "

" එයා කිව්වා කාටවත් කියන්න එපා කියලා. ඉතින් කිව්වෙ නෑ. අම්මා ඒක නෙමෙයි. ඇයි එයා මෙහෙ ආවෙ. "

" ඔයාගෙ ග්ලවුස් දෙකක් දීලා ගියා. ඒ ළමයා හවස ආපහු සෝල් ගියා.ඔයාට කියන්නලු ආවෙ. ඒත් ඉතින් ඔයාට උණ ගැනිලා හොඳටම නින්ද ගිහින්නෙ තිබුණේ. "

අම්මා ස්ටූල් එක උඩ තිබ්බ මගේ ගල්වුස් දෙක දෙද්දි මගේ පපුව රත් වුණා වගේ වුණා. හරියට කවුරුහරි මගෙ බෙල්ල හිර කරලා වගේ හුස්ම ගන්නත් අමාරු වුණා. මන් ඩොක්ටර් කෙනෙක් නිසා දන්නවා මට හැදී ගෙන යන ලෙඩේ මොකක්ද කියලා. මන් හිතන්නෙ මන් ජන්ග්කුක්ට ආදරේ කරන්න අරන් වගෙයි. ඒත් මට එයා ගැන ආදරේ හිතුනා විතරයි එයා ගිහින්නෙ.

- එහා ගෙදර අමුත්තා - (✓)Where stories live. Discover now