Part 2 ❤️

1.3K 233 45
                                    

මම පිටි පස්සට වෙද්දි ස්නෝවිගෙ නැට්ට පෑගිච්ච නිසා එයා කෑ ගහද්දි ගෝනිබිල්ලා...... නෑ නෑ සොරි..... ජන්ග්කුක්..... මන් හිතන්නෙ එයා මාව දැක්කා......

" ආහ්......... "

මන් හිතුවෙ කොන්ද කැඩිලා සුශුම්නාව බිඳිලා සදාකාලික අබ්බගාත කෙනෙක් වෙන්න වෙයි කියලා බැල්කනි එකෙන් වැටුනම. ඒත් මට දැනුණේ මගේ ඉන වටේ ගියපු සීතල අත් දෙකක්. ඇස් ඇරලා බලද්දි ඒ හිටියෙ ජියොන් ජන්ග්කුක්.

" ඔ.......ඔයා...... "

මන් කෑගහන්න හැදුව නිසාද කොහෙද එයා මගේ කට එයාගෙ අත තියලා වැහුවා.

" ෂ්ෂ්ෂ්ෂ්..... කෑ ගහන්න එපා හරිද. කෑ ගහන්නෑ කියලා ප්‍රොමිස් වුණොත් මන් අත ගන්නවා. "

මම පට ගාලා දිගට හරහට ඔළුව වැනුවෙ ඔව් කියන්න. ඒ අස්සෙ එයා මන් දිහා බලන් හිනා වෙනවා.

" ඔයා මාව දන්නවද...... "

ඇහි බැමකුත් උස්සලා අහද්දි මන් ආපහු  දිගට හරහට ඔළුව වැනුවා.

" ඇයි ඔයාට කතා කරන්න බැරිද. එහෙනම් කියන්න බලන්න මන් කවුද කියලා. "

හහ්..... කවුද කියන්නෙ මට කතා කරන්න බෑ කියලා. හැබැයි ඉතින් ඔයා මගෙ කට අවුස්ස ගත්තොත් ආයි වහනවා කියන එක බොරු මහත්තයෝ. ඒත් ඉතින් ඔයා වගේ කෙනෙක් එක පාරට මගේ ඉස්සර ඉන්නකොට කාගෙ වුණත් කට ලොක් වෙනවනේ දෙයියනේ.

" ජියොන් ජන්ග්කුක්... ඇත්තටම මේ ඔයාද... නැත්තම් හීනයක්ද.... එහෙම නැත්තම් මට පිස්සුද..... "

" ඔයාම බලන්න ඉතින් මේක හීනයක්ද කියලා. "

එයා අත් දෙකත් දෙපැත්තට විහිදවන් කිව්වෙ හරියට ඇවිත් බදා ගන්න කියලා වගේ. මන් අඩියක් ඉස්සරහට තියලා මගේ අතේ දබර ඇඟිල්ලෙන් හිමින් තාලෙ එයාගෙ නාහෙ ඇල්ලුවෙ මේ හීනයක්ද කියලා බලන්න.

" දෙයියනේ..... මේක ඇත්ත .... "

මන් ආපහු දෙතුන් වතාවක් කම්මුලටත් අනිද්දි මෙයා හිකි හිකි ගගා හනා වෙනවා. එක පාරටම මගේ අත අල්ල ගද්දි මන් ආපහු අත ඇද්දෙ බය වැඩි කමට.

" ඔයා මට බයද. "

" ඔයාද හැල්මුනීගෙ මුණුපුරා. "

- එහා ගෙදර අමුත්තා - (✓)Wo Geschichten leben. Entdecke jetzt