- කෑම ඕඩර් කළා.....දැන් එයි....

කීයටද ෆ්ලයි කරන්න තීන්නේ ආයෙ ....?

- තව පැය හතරකින්.....

ම්ම්ම්....."

අපි දෙන්නගෙ කෝල් එක පැයක් විතර ඇදිලා යද්දි එයාගෙ අකමැත්තෙන්ම මම පෝන් එක තිබ්බෙ එයාට නිදාගන්න ඕනේ නිසා.... නැත්තන් එයාට මහන්සීනේ....

පෝන් එක තියපු මම ලොකු හුස්මක් පිට කරල බැල්කනි එකේ දොර තදට වහලා කාමරෙන් එළියට ආවා....

" අයියේ තවුසෙ අරයට මුකුත් කිව්වෙ නෑ කියල නම් කියන්නෙපා..."

" දෙවෙනි.......!!!උඹටත් මම කියන්නෑ හොදේ.... ඉන්නව නම් කට පියාගෙන ඉදින්... එයා දැනගන්න ඕනෙ නෑ කියලනේ මන් කිව්වේ.... "

" මන් දන්නෑ තවුසෙ ඕනි මගුලක් කරගන්නෝ....."

" මොනාද රෑට උයල ඕනේ....??"

" අනේ ලොකූ මේ ඔයාගෙ ඉලව් සැන්ඩ්විච් ඇර ඕනි මගුලක්....කන්න පුලුවන් දෙයක් හදනවකෝ....."

" මල්ලි..... ඔයා ගමේ හැදුණ වැඩුණ එක ඇත්ත...ඒත් මේ ෂැංහයි ..මෙහෙ තීන්නේ තරගකාරී සංකීර්ණ ජීවන රටාවක්.... තුන් වේලටම බත් තම්බ තම්බ කන්න අපිට වෙලාවක් නෑ මල්ලි....මෙහෙ කවුරුත් එහෙමයි...උදේ පාන්දර රස්සාවට ගියාම හවස මිනිස්සු ගෙවල් වලට එන්නෙ මැරිලා.. එහෙම ඇවිත් උන් හොයන්නේ බඩ පුරවන්න පුලුවන් දෙයක් මිසක් දිව පිනවන්න දෙයක් නෙමෙයි... ගමේ ඉන්න උඹට කියන්න හරි ලේසි මල්ලි... ඒත් නගරෙ ඉන්න අයයි ඒ කට්ට දන්නේ..... පාන් පෙත්තක් කාලා ටුවර් ගිය දවස් මගේ ඉහේ කෙස් ගානට ඇති මල්ලි...අපි ඒවට හුරු වෙලා.... "

" අනෙ අයියෝ අයියේ ටවුසෙගෙ ඔය වැදි බණ පස්සෙ කියාගන්නවකො රෙද්ද......"

" ඔව් උඹලට මේව කියද්දි අමාරුයි... උඹ මතල තියාගනින් මල්ලි පාන් පෙත්තකට බටර් හැන්දක් කාලා මම රටින් රටට යන්නේ.... ඒ ගියත් කන්න කියල බත් හම්බෙන්නෑ මල්ලි.... එහෙව් කරලයි මම උඹලට සල්ලි එව්වෙ ජීවත් වෙන්න....එහෙම වෙලත් උඹ මට මොකද්ද කළේ...ඉගෙන ගන්න ඕනේ කාලෙ උඹ නාස්ති උනා...මම උඹ වෙනුවෙන් කොච්චර හීන දැක්කද බන්... උඹ ඒව දන්නෑ... ඇයි හැමදෙකින්ම මාවම තැලෙන්නේ...."

Fly To Air ✈️ Kde žijí příběhy. Začni objevovat