🔞 52nd Bite 😊

Start from the beginning
                                    

❤️ කමක් නෑ...ඔයා උත්සහ වත් කරා ඩීඩී.. ඒත් මට මුකුත්ම කරගන්න බැරි උනා අනේ.. අසරණයි ගොඩාක් මන්...දැන් මට කියලා කවුද ඉන්නේ ඔයා ඇරෙන්න..

ජාන් වහල දිහාම බලන් කියද්දි තම ඇග උඩින් අතක් ඇවිත් තමන්ව ඇදලා ගත්තේ තමන් මේ ලෝකේ ආසම උනුසුම වෙතට වෙද්දි කොල්ලා එහෙම්මම ඇස් දෙක පියා ගත්තා...

💚 මම ඉන්නවා.. ඔයා අසරණ නෑ වස්තුව.. ඔයා අසරණ නෑ.. ඒ වෙලාවේ මමාව බේරගන්න පුළුවන් තැනක අපි කවුරුත් හිටියේ නෑ.. ඒ නිසයි එහෙම උනේ.. මෙච්චර කල් දුක් වින්ද එයා දුකින් යනවා මන් දැක්කේ නෑ මැණික.. එයා ගියේ සතුටින්.. දන්නවද මන් එයා ගැන කොච්චර නරක විදියට හිතුවද.. පව්.. මන් එයාගෙන් කොච්චර සමාව ඉල්ලුවත් මට මදි..

යීබෝ ජාන්වත් උස්සන් හොස්පිටල් රූම් එක පුරාම යද්දි ජාන් පූස් පැටියෙක් වගේම හැංගිලා ඒ ඔක්කොම අහන් උන්නා...

💚 ඔයා දුක් වෙන්න එපා මගේ චූටීයෝ.. ඔයා දුක් උනොත් එයාට සතුටින් යන්න බෑනේ.. ඔයා හිනා වෙලා සතුටින් ඉන්නකොට තමයි එයාට සතුටින් යන්න පුළුවන්.. තේරුනාද.. මමාට දැන්වත් සැනසීමක් දෙමු නේද රත්තරන්..

❤️ ම්... එයා කිව්වා මන් අඩද්දී යන්න බෑ කියලා..

💚 ඒකනේ ඉතින් කිව්වේ මන්.. ෆ්‍රෑන්ග්.. අඩන්නේ නරක ලමයි නේද පොඩ්ඩෝ...

🧛 අමූලික ඇත්ත අප්පා...

ෆ්‍රෑන්ග් ශුවාන්ගේ අතකින් අල්ලන් කියද්දී ජාන් දැම්මේ ෆ්‍රෑන්ග්ව අමුවෙන් කන්න ඕනා වගේ බැල්මක්..

❤️ තෝ.. හොද වෙලා වරෙන්කෝ.. දෙන්නම් බොට.. හූම්... ගෙදර යමුකෝ තාත්තිවත් බලාගෙන...

💚 යන් යන්...

යීබෝ දෙන්නටම කියලා ජාන්ගේ අතින් අල්ලගෙන ගියේ තාත්තී ලගට.. එයා සනීපෙට නිදී.. එයා නොදැන මේ නිදන් ඉන්න දවස් කීපයට කොච්චර දේවල් නම් උනාද.. ජාන් ඒ පපුවට හිස තියන් සෑහෙන්න වෙලාවක් ඇඩුවේ තමන්ගෙ හිතේ තියෙන දුක සෝදා හරින්න වගේ...

*

*

*

*

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now