🔞 52nd Bite 😊

956 217 104
                                    

I Bite You In My Eyes ❤️

ජාන් හා යීබෝ හොස්පිටල් එකට යන විටත් ශුවාන් ෆ්‍රෑන්ග්ට මොන මොනවාදෝ කියව කියව සුප් එකක් පොවනවා.. ෆ්‍රෑන්ග් ඔලුවත් වන වන බෑ කියද්දි ජාන් යීබෝ දිහා බැලුවේ මන් යන්නද කියලා අහන්න වගේ..

💚 යන්න මැණික..

❤️ ම්..

ජාන් හෙමින් හෙමින් ශුවාන් ලගට කිට්ටු වෙලා තට්ටුවක් දාද්දි ශුවාන් සැනසුම් සුසුමක් හෙලලා සුප් එක තිබ්බෙ ජාන්ගෙ අතින්..

🔻 පිං සිද්ද වෙයි මේක පොවපන්කො බන්.. හරි මුරණ්ඩුයී මේකා...

ශුවාන් මූණ ඇද කරන් කියද්දි යීබෝ ඒ පිටට තට්ටුවක් දාලා.. "ඕවා ඔහොම තමයි බන්.. වයිෆී මෝඩ් ඔන් වෙල තියෙන්නේ.. " කිව්ව ගමන් එරෙව්වේ ඉතින් ජාන් කොල්ලා...

❤️ ආ කියන්න ඩීඩී..

ජාන් කියන පරක්කුවට ඒ කට ඇරෙද්දි ජාන් පොඩ්ඩ පොඩ්ඩක් සුප් ටික පොවද්දි යීබෝ හා ශුවාන් ටිකකට ගියේ තාත්තී ව බලන්න.. එයත් තාම සිහියක් නැතිව ඉන්නවා...

❤️ මගේ ඩීඩීට කොහොමද..

🧛 රිදෙනවා ගගා.. 🥺🥺.

❤️ ඔයාව උස්සන් ඉන්නද..

🧛 බට ගහලනේ තියෙන්නේ.. අනික හෙල්ලෙන්නවත් බෑ මට.. මන් මෙහෙම ඉන්නම් ගගා.. එන්න ඔයත් හාන්සි වෙන්න.. අපි කතා කරමුද..

❤️ ම්...

ෆ්‍රෑන්ග්ට පොඩ්ඩක් වත් නොරිදෙන්න ජාන් ඒ ඇදේ කොනක හාන්සි වෙලා ෆ්‍රෑන්ග්ගෙ හිස අත ගාද්දි අමාරුවෙන් උනත් ෆ්‍රෑන්ග් කතා කරන්න පටන්ගත්තා...

🧛 ඔයා දන්නවද.. මගෙ මමා එදා මගෙ පපා ගැන කිව්වාම මට දැනුන සතුට කොච්චරක්ද කියලා.. මන් එක පිම්මේ හොයන් ගියා එයාව.. හැබැයි මගෙ හිනාව එක තත්පරෙන් නැති වෙලා ගියේ එයා ගේ ඇතුලේ නැති නිසා එයාව හොයන් උඩ කාමර වල හොයන්න ගියාමයි.. දන්නවද මට ඇහුනෙ මොනවද කියලා..

❤️ මොනවද ඩිඩී...

🧛 ජානූ...අනේ ජානූටනම් කරදරයක් කරන්න එපා කියලා...

❤️ මගෙ මමා.. මගෙ මමා...🥺🥺

🧛 හ්ම්.. මගෙ පපා ඔයාගෙ මමාට වද දෙනවා මම දැක්කා ගගා.. ඒ නිසාම එදා ඉදන් මන් හොදට ඉදන් එයාව බේරගන්න ට්‍රයි කරත් මට බැරි උනා ගගා.. එයාව තිබ්බේ ලොකු ආරක්ෂාවක් ඇතිව.. අන්තිම තුරුම්පුව විදියට මන් අද දවසෙ එයාව බේරගන්න හැදුවා.. මට ඒකත් බැරුව ගියා ගගා.. අනේ මට සමාවෙයන් ගගා...සමාවෙයන්...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now