🔞 1st Bite 😜

2.6K 372 219
                                    

I Bite You In My Eyes... 😋

පිට්ටනිය පුරා දූවිලි අවුස්සලා.. ඒ විතරක් නම් කමක් නෑ.. ෆ්‍රෑන්ග් ඇතුළු ගැන්සියේ උන් සිව් දෙනෙක් පිට්ටනියේ තණකොළ උගුල්ලගෙන ගිහින් තියෙන්නේ... මේ ඔක්කොම ජාන් ඇතුළු පිරිසෙ හපන් කම් තමයි...  ගැන්සියේ ලීඩර් උනේ හැමදාම ජාන්.. ඒ නිසාම අද දඩුවම් උරුම උනේ පිළිවෙළකට...

ගුටි බැට කාපු පිරිස සුළු තුවාල වලට බෙහෙත් දාගන්න මෙඩිසින් රූම් එකේ... එයාලට බෙහෙත් දාන්න සෙට් උනේ යාඕ හා ජින් ව.. ඉතින් ගහලා මදිවට දැන් බෙහෙත් දාන්නත් වෙලා...

🦋 අඩෝ... යාඕ... ඔය මොකක්ද කරන්නේ බන්...

ෆ්‍රෑන්ග් ගෙ සෙට් එකේ අම්බානකට කාලා දනිසක් තුවාල කරන් උන්න කොල්ලෙක්ට යාඕ බෙහෙත් දානවා... හොදට මේකා සබන් කෑල්ලක් අරන් තුවාලේ අතුල්ලද්දි අර කොල්ලා කෑ ගැහුවේ එහා පැත්තේ තිබ්බ ලැබ් එකේ බීකර් එහෙම පුපුරලා යන්න... ඒ කිසි දේකට නොසැලුන යාඕ කොල්ලට බෙටඩින් දාලා තුවාලේ කවර් කරේ අර කොල්ලා බාගෙට මැරිලා ඉද්දී.. අවසානෙදි සර්චිකල් ස්ප්‍රීට් බෝතලේ කවර් කරපු තුවාලෙට හලද්දි මෙඩිසින් රූම් එකේ වහල ගැලවිලා යන්න අර කොල්ලා කෑ ගැහුවේ....

" බුදු අම්මෝඔ.......ඕ....."

ජින් හා යාඕ හොදට දාපූ බෙහෙත් වලට පින් සිද්ද වෙන්න ගිරාපෝතකයා ඇතුළු පිරිස පන්තියට යන්න ගියේ...

ඒ අතරේ ශුවාන් , කුවාන් හා බින් තුන් දෙනාට සෙට් උනේ ටොයිලට් හෝදන්න...  ශුවාන් හා කුවාන් මූණ සත පහ කරගත්තත් බින් නම්  සුපුරුදු සිනහවෙන්ම ඉන්නවා දැක්ක ශුවාන් මොප් එකෙන්ම ගැහුවෙ බින්ගෙ පස්සට...

🔺 බම්ලෝ... තොට ලැට් හෝදන්න කිව්වත් හිනා යනවද..

💎 හීක්... ඒකත් මරු බන්...😁😁

🍁 කවුද මල්ලී මේ...

කුවාන් ශුවාන් බින්ටත් බැන බැන සෝදන වැඩ ටික පටන් ගත්තා... ශුවාන් මොප් කරනවා , කුවාන් වතුර ගහනවා.. බින් විරිත්තනවා...

🔺 තොගෙ හිනාව නවත්තපන් ඈ... නැත්තම් ඔබනවා මොප් එක කටේ බොගේ...

💎 හීක්.... ම්ම්...😁😁

මොප් එක නෙවෙයි මොන ඉලව්ව කටේ එබුවත් බින් ඕල්වේස් හිනා වෙලා ඉන්නේ... ඒක ඉතින් සක්කරයගේ පුතා වයිමා ආවත් නවත්තන්න බෑ...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now