🔞 34th Bite ❤️

1K 249 107
                                    

I Bite You In My Eyes ❤️

අලුත් දවසකට ඉර පායලා අවසන් වු පසු ජාන් ඇස් ඇරියේ තමන්ට හුස්ම ගන්නත් බැරි තරමට දැනෙන පහස නිසා.. ඇස් අරින්න කම්මැලි උනත් කොල්ලා අමාරුවෙන් ඇස් දෙක ඇරියා.. ජාන්ගේ ඇස් උඩ ගියේ දෙපසින් තමන්ට හෙලවෙන්න වත් නොහැකි වෙන්න බදාගෙන ඉන්න තමන්ගෙ යාලුවෝ දෙන්නව දැකලා...

❤️ ආහ්.. අයින් වෙයන් යකුනේ හුස්ම ගන්න බැ මට...

ජාන් කොල්ලෝ දෙන්නට පයිනුත් ගගහා කෑ ගහද්දි කොල්ලෝ දෙන්නා තව තවත් බදාගත්තා මිසක් අත ඇරියෙම නෑ...

❤️ අනේ ඕයී ..

🔻 දගලන්නෙ නැතුව ඉදපන් බම්ලෝ... ඉස්කෝලේ හොස්ටල් එකේදී උබව මෙහෙම බදාගනෙ නිදාගත්තට පස්සෙ අදනෙ ඔයී බදාගත්තේ..

💎 ඒ දවස් වල උබ හීනෙන් හරියට බය උනා බන්.. එතකොට අපි දෙන්නා මෙහෙම උබව බදාගන්නවා.. එතකොට තමයි උබට නින්ද යන්නේ..

🔻 බිනා උබට මතකද... හීනෙන් බය වෙලා මුට දවසක් චූත් ගියා...

💎 ම්...එදා මූ ලැජ්ජාවෙන් ඇඩුවනේ...

❤️ අනේ බන්..🥺🥺

💎 ඒත් ඉතින් අපි උබව මෙහෙම බදන් නිදාගත්තා ඈ...එලෙව්වේ නෑ... ඒත් අද උබ අපිව එලවනවද.

❤️ බිනා... ශූයා.. 🥺🥺කවදාවත් මන් උබලව එලවන්නෙ නෑ බන්.. මන් දන්නෑ උබලා පිලිගනීවිද කියලා.. මන් උබලා දෙන්නට ගොඩාක් ආදරෙයී බන්.. උබලා දෙන්නට ගොඩාක් ගරු කරනවා මන්.. මට මුකුත්ම කරගන්න බැරිව ඉද්දී මාව පණ වගේ බලාගත්තේ උබලා.. ඒත් මන්...🥺🥺

🔻 උබ සර්ගෙයි උබෙයි ලව් එක කිව්වේ නෑ බන් අපිට..

ශුවාන් මෙට්ටේ උඩ වාඩි වෙලා බිත්තියට හේත්තු වෙලා කිව්වේ අවංකවම දුකින්.. මොකද පුංචි කාලේ ඉදන් යාලුවෝ තුන් දෙනා තමයි මේ.. ජාන් මෙයාලට වෙනස්කම් කරාට.. බින් ශුවාන් කවදාවත් කොල්ලට එහෙම කරේ නෑ....කුවාන් චෙන් යාඕ සන්ග් හතර දෙනාව ගත්තොත් එයාලා අලුත් යාලුවෝ නිසා ජාන්ගෙ මේ හැසිරීම එයාලා ලොකුවට ගනන් ගත්තේ නෑ.. හැබැයි ඒ කොල්ලෝ හතර දෙනත් ජාන්ට පණ ඇරලා ආදරෙයී...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now