🔞 46th Bite ❤️

867 226 77
                                    

I Bite You In My Eyes ❤️

ගෙල මත දිව යන දෙතොල් පහසක් නිසාවෙන් යීබෝ දෑස් හරිද්දි ඇස් වලින් පවා හිනාවෙමින් ජාන් අවදි වෙලා වැඩ පටන් අරන්...

❤️ 8යි වෙලාව... අවදි වෙමූ.. මට ලෑස්ති කරගන්න documents වගයක් තියෙනවා ඩැඩී..

💚 ම්ම්... මගෙ පණ අඩන්නෙ නෑ නේද අද..

❤️ නෑ... ගෙදර ගිහින් වෙන දේවල් වලට නම් මන් අඩන්නෙ නෑ ඩැඩී...

💚 මන් ශුවාන්ට කෝල් කරලා කාර් එක ඊයෙ වගෙ ගෙන්න ගන්නම්.. දොර ගාව ඉන්න ඔෆිසර්ලා දෙන්නා එක්ක මාරු වෙයි දැන්.. අනිත් දෙන්නා එක්ක අපි යමු.. මන් වොශ් දාන් මොනවා හරි හදන්නම් බබා ඕන දේවල් ගන්නකෝ...

යීබෝ ජාන්ගේ හිසත් පිරිමැදලා වොශ් රූම් යද්දි ජාන් ඇදෙන් පැනලා හෙව්වෙ එයාගෙ ෆයිල් එක.. උප්පැන්නේ.. bank documents වගේම ශියාඕ නිවසේදී දිනක් සීයා පපා දුන්න documents  වගයක් ජාන් බෑග් එකේ දාගත්තා...

දෙන්නත් එක්කම හොස්ටල් පිටිපස්ස ගේට්ටුවෙන්  පිටත් උනේ ශාන්ගෙ නිවසට...  පොලිස් නිලධාරීන් සුවිසල් මහා මන්දිරයේ ඉදිරියේ දොර ළග හිට ගද්දී යීබෝ උන්නේ ඇස් දෙක ලොකු කරගෙන.. මොකද මේක ගෙයක් නෙවෙයි මාලිගාවක්...

❤️ ඩැඩී අහන්න...ගේ දැකලා බය වෙන්න එපා.. මේ මහ විසාල ගේ අස්සේ ඔයාගෙ බබා ගොඩාක් දුක් වින්දා කියලා විතරක් හිතන්න.. ඒ වගේම අද මෙතනදි අහන්න දකින්න වෙන දේවල් නිසා මේ පපුව රිද්ද ගන්න එපා රත්තරන්.. මන් ඉන්නවනේ.. අද මට ගුටි කන්නත් වෙයි සමහරවිට.. ඒත් ඔයා අනිවාර්යයෙන්ම ඉවසන්න ඕනේ..

💚 අනේ සුදූ මැණික

❤️ ඉවසන්න...එච්චරයි මට කියන්න තියෙන්නේ..

ජාන් යීබෝගේ අතත් අල්ලන් මහ විසාල ගේ මැද සාලෙට ගිහින් වටපිටාව හොදින් බැලුවා.. දැන් ජාන්ගෙ එක ෆොටෝ එකක් මේ ගෙදර නෑ.. හැරිස් එක්ක එයාගේ අලුත් නෝනා වගේ පොඩි පුතෙක්ගෙ ෆොටෝ මෙහි තිබ්බා.. ජාන්ට දුකක් දැනුනෙ නෑ කිව්වොත් ඒක බොරුවක්..

❤️ දන්නවද ඩැඩී.. ඉස්සර අර බිත්තියේ තිබ්බේ ඔයාගේ බබාගේ ෆොටෝස්..  අද ඔයාගෙ බබා ඒ බිත්තියක ගෑවිලා වත් නෑ ඩැඩී...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now