- "පොඩි එකා උබ.."

හොබී ක්ෂණිකයෙන් ක්‍රියාත්මක වී ඔහුට ගසන්නට පැමිණෙන මිනිසාට පයින් පහරක් එල්ල කල අතර ඔහු ගිහින් බිත්තියේ වැදුණා. හොබී ගේ මුනට වැටි තිබු ඇදුම ඉස්සු හොබී ඔහු දෙස බලාගෙනම.....

- "යනව තමුන්ලා දෙන්නා ගිහින් ඔක්කොම සාක්ෂි එකතු එකතු කරගන්නවා."

- "තමුසෙ එහෙනම් මාවයි අප්පවයි මරන්න හැදුවා? ආහ්??? කියනවා... තමුසෙ නේද ඒ?"

හොබී ඔහුට ගහන්න යද්දී ඔහු ක්ෂණිකයෙන් හොබිගේ මිට මෙලවුන අත අල්ලගත්ත අතර හොබිව උස්සා බිත්තිය දෙසට විසික් කලේ තනි අතින්. හොබී විසි වී ගොස් බිත්තියේ වැදී බිමට ඇඳ වැටුණා.

- "තමුසෙට අන්තිම වතාවට මොනා හරි කියන්න තියෙනවද?"

එසේ පවසමින් ඔහු කෙමෙන් කෙමෙන් අතේ ගැට කඩමින් ඔහුගේම ඔලුවට ගසා ගනිමින් තොල් ලෙවකමින් ඉදිරියට පැමිණියේ හොබීට සුරලොව පෙන්වමින්. බිමට ඇඳ වැටුණු හොබී වටපිට බැලු අතර ලී පතුරක් ඔහුගේ දෑසට හසු විය. එය හිමින් ඔහුගේ දෑතට ගෙන පිටිපස්සේ හන්ග ගත් අතර හතුරා අවශ්‍ය තැනට එනතෙක් බලා සිටි හොබී ඔහු ළඟට පැමිණෙද්දීම සගවා ගෙන සිටි ලී පතුරෙන් බඩට ගැසූ අතර ඔහු නැවුණු පසු එයින්ම ඔලුවට දෙපාරක් ගහගෙන ගියා. නමුත් ශක්තිමත් මිනිසා හොබිගේ ප්‍රහාරයෙන් ගැලවී ඔහුව තල්ලු කර දැමුවයින් හොබී එතනම බිමට ඇඳ වැටුණා. ඒත් එක්කම බිම සිටින හොබී ක්ෂණිකයෙන් ක්‍රියාත්මක වී එක්වරම ලී පතුරෙන් ඔහුගේ දණහිසට ගැසීමෙන් ඔහුගේ සමබරතාවය නැති වී ඔහුව බිම ඉන්දවුණා. ඒත් එක්කම තරහෙන් වේදනාවෙන් කෝපාවිශ්ටව ඇස් රතු වී තිබූ හොබී ඔහුගේ බෙල්ල ලී පතුරෙන් තද කල අතර රකුසෙකු මෙන් ඔහුව ඇදගෙන යන්නට වුයේ ලී කපන යන්ත්‍රය ළඟටයි.‍

- "මට රිද්දන්න එපා මන් කියන්නම්"

- "ඒත් තමුන් දන්නවද මට තමුන්ගෙන් කිසිම දෙයක් දැනගන්න ඕනේ නෑ."

- "මම ඔයාට කියන්නම්. හැමදේම කියන්නම්."

- "තමුන් මන් හිතනවට වැඩිය කතා කරනවනේ."

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now