Chapter 07

1.8K 261 19
                                    

- "අප්පා. මං අද ඉඳන් company එකේ වැඩට එන්න කියලා හිතුවේ."

- "ආ......?"

කැහැ... කැහැ.......... 🗣

කෑම කාමින් හිටපු ජන්කුක්ට ථේ කියපු දේ ඇසුනයින් කෑමත් හිරවුණා.

- "මොකක්ද? ඔයා කවදාවත් කම්පැනි එකට ඇවිත් වැඩ කරන්න ආස කලේ නෑ. අද මොකෝ මේ එකපාරටම?"

මිස්ටර් කිම් පුදුම වුනත් එක ඇහැක් උස්සලා ඇහුවේ සැකෙන් වගේ. මිසිස් කිම් තාමත් චොප්ස්ටික් එක අතේ තියන් ථේගේ මූණ දිහා කටත් ඇරන් බලන් ඉන්නවා තාමත් ඔහු කියපු දේ හීනයක් ද සිතමින්. ජන්කුක්ටත් දැවෙමින් තිබුණු පැනයක් නිසා ඔහුත් එය ථේගෙන් විමසුවා.

- "ඇත්තටම ථේ ඔයා වැඩ කරන්න එනවද? ඔයා ඒකට අකමැත්තෙන්නේ හිටියේ"

- "දැන් මට ඕනේ එන්න. ඇයි ඔයා කැමති නැද්ද මගේ අප්පගේ කම්පැනි එකේ මම වැඩ කරනවට?"

ථේ කට කොනින් හිනාවෙලා අහද්දි ජන්කුක් ටිකක් ගැස්සුනා.

- "ආහ් නෑ එහෙම දෙයක් නෙමෙයි. මං ටිකක් පුදුම වුණා. අනික ඔයා කවදාවත් කැමැත්තක් දැක්වුවෙත් නැති නිසයි මං එහෙම ඇහුවේ."

🐯 දැන්ම පුදුම වෙන්න එපා කිම් ජන්කුක්...... බලාගන්නවකෝ මං ආවම උඹට කරන දේ.

- "අනේ නෑ. මට ඕන උනේ සමහර අයට තමන්ට අයිති තැන පෙන්නලා දෙන්න විතරයි."

- "පෙන්නලා දෙන්න. කාටද?"

- "අමතක කරන්න ඒක. දැන් කන්නකෝ. මට හ්යුන්ග් එක්කම යන්න පුළුවන්නේ නේ? මං එහෙනම් ලෑස්ති වෙලා එන්න්ම් අප්පා"

ථේ කට කොනින් හිනාවෙලා කාමරයට ගියේ ථේ දිහා පුදුමෙන් බලන් ඉන්න මිසිස් කිම්ගේ කම්මුලට හාදුවකුත් දීලා. කාමරයට ඇතුල් වුන සැනින් ථේගේ ෆෝන් එක නාද වුණා.

📲📲📲📲📲📲📲📲📲📲📲

Burning up
Fire Fire Fire Fire

When I wake up in my room, I have nothing
After the sun sets, I sway as I walk
I'm completely drunk, drunk
I'm swearing on the streets
I've lost it, I'm like a crazy guy
Everything's a mess, livin' like beep

- "යෙබසෙයෝ." 📱👂

- "ආහ් ථේ මේ මන්."

- "ආහ් ජැකි. ඔව් කියපන්."

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now