Chapter 32

1.4K 226 14
                                    

මොහොතක් ගත උනා ශල්‍යාගාරය ඉදිරිපිට වේදනාත්මක හැඩුම් සමග තිබු සිදුවීම් මාලාව මොහොතකට නැවතුනේ ශල්‍යාගාරයේ දොර විවෘත කර පැමිණි වෛද්‍යවරයා නිසාවෙනි. එම වෛද්‍යවරයා ඔහුගේ ලේ සහිත අත් වැසුම් දෙක ගලවා කසල බදුනට දැමු අතර ඉන්පසු ඉදිරියේ සිදු වෙන දෙය දැක ඔහු ගල් ගැසී බලා සිටියේ රෝහලක් තුල සිදුවිය නොහැකි දසුනක් නෙත ගැටීමෙනි.

තත්පරයක් දෙකක් පමණ නිහඩ තාවයකින් පසුව සියළුම දෙනා පියවි සිහියට පැමිණ වෛද්‍යවරයා දෙසට ඉක්මනින් දුවගෙන ගියා. වෛද්‍යවරයා ගල් ගැසී බලා සිටිද්දී ඉදිරියට පැමිණි නම්ජුන් ඔහුගේ හඬ අවදි කලේ තමන්ගෙන් පිටවෙන්න දඟලන වේදනාත්මක කඳුළු අමාරුවෙන් හිර කරන්.

- "හෝව්. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. සන්සුන් වෙන්න. කලබල වෙන්න එපා."

- "doctor මගේ පුතාට කොහොමද? ප්‍රශ්නයක් නෑ නේද?"

නම්ජුන්ට තවත් බලා සිටීමට නොහැකි උනා. ඔහු වෛද්‍යවරයාගේ ඉදිරියටම පැමිණ විමසා සිටියේ හරිම කලබලයකින්. වෛද්‍යවරයා සන්සුන්ව ඔවුන් දෙස බලා සිට ඔහු තමාගේ හඬ අවදි කලා.

- "පළවෙනියට හැමෝම සන්සුන් වෙන්න. කවුද භාරකාරයා?"

- "surgery එකේදී ප්‍රශ්නයක් උනේ නෑ නේද doctor?

- "හ්ම්ම් ගැටළුවක් සිද්ද උනේ නැත්තෙමත් නෑ. අපිට බලාගෙන ඉන්න සිද්ද වෙනවා."

- "ඒ කියුවේ doctor?"

- "රෝගියාගේ උණ්ඩය හදවත ලගින්මයි ගිහින් තියෙන්නේ. වාසනාවකට ඔහුගේ සුෂුම්නාවට කිසිම බලපෑමක් නොවුන නිසා සැත්කම සාර්ථකව කරගන්න පුළුවන් උනා නමුත්..."

වෛද්‍යවරයා හඩ බාල කරනවත් එක්කම නම්ජුන් ඔහුගේ අත තවත් තද කරගත්තේ හිත යටින් ජන්කුක්ව නැවතත් තමන්ට අහිමි නොකරන ලෙස දෙවියන්ගෙන් යදිමින්. අනික් සියල්ලන්ගේද දෙනෙත් කදුලින් තෙත් වෙද්දී වෛද්‍යවරයා නැවත කතා කිරීම ඇරඹුවා.

- "නමුත් රෝගියාගේ ලේ ගොඩාක් ගිහින් තිබුනා. ඒ වගේම රුධිර පීඩනෙත් සෑහෙන්න අඩු වෙද්දී මම ඉක්මනට heart-lung machine එක පාවිච්චි කරලා ආයිත් යථා තත්වයට ගත්තා. පස්සේ අපි මැහුම් දැම්මා. එත් එයාගේ හදවත හරිම දුර්වලයි. සිහිය එනකන් මොකුත් කියන්න නම් බැහැ මට. අපි කාලයට ඉඩ දෙමු. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා. මිස්ටර් නම්ජුන් ඔහු උපතින්ම හදවත දුර්වල අයෙක් නිසා ඉපදුන දවසේ ඉදන්ම ඔහු මොකක් හරි බෙහෙතක් ගත්තද?"

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now