Chapter 13

1.8K 286 26
                                    

- Kim's house -

ලෑස්ති වෙලා පහළට ආව ථේ හිටියේ ජන්කුක් එනකම්. ඒ වෙලාවෙම ඩෝ බෙල් එක වදිනවා ඇහුනයින් ඔහු ඉක්මනින් ගොස් දොර විවර කරා.

- "ඔම්මා. අප්පා..."

ථේ ටිකක් පුදුමෙන් දොර ඉස්සරහ හිටන් හිටිය තම දෙමාපියන් දෙස බලා එලෙස පවසද්දි ඔවුන් දෙදෙනා ථේව පහුකරන් ගේ ඇතුලට ආවා.

- "අම්බෝ. හරි මහන්සි පුතේ. කෝ හ්යුන්ග්?"

Mr. Jeon ජන්කුක් ගැන ථේගෙන් ඇහුවා විතරයි ජන්කුක් කොණ්ඩේ හද හද පහළට බැහැගෙන ආවා.

- "අප්පා ඔම්මා ඔයාලා ආවාද?"

- "ආහ් ඔව් පුතේ. Mrs. Parkට ටිකක් අමාරුයි. අපි ඒ වෙලාවෙම හොස්පිටල් ඇඩ්මිඩ් කලා. ටික වෙලාවක් හොස්පිටල් එකෙත් ඉඳලයි මේ ආවේ."

- "එතකොට ආන්ටි ගෙදර තනියමද ඉඳලා තියෙන්නේ?" 

ජන්කුක් ප්‍රශ්නාර්ථ බැල්මක් මූණේ හොවා ගනිමින් Mr. Jeon දෙස බලා ඇහුවම ඔහු ක්ෂණික පිළිතුරක් ලෙස හිස වනා තම බිරිඳ සමඟ කාමරය වෙත පිය මැන්නා. ඔවුන් යන දෙස බලා සිටි ථේ සහ ජන්කුක් මුහුණට මුහුණ බලා ගත්තේ දෙන්නටම කුමක් හෝ පැනයක් හිතේ නැගී ඇති බව හඟවමින්. නමුත් හැමවිටම ඉක්මන් වෙන ථේ මෙවරත් ඉක්මන් වුණා.

- "හ්ම්.... අද අප්පා එන්නේ නෑ වගේ. හ්යුන්ග් යමුද?"

ජන්කුක් සිහින් සිනහවකින් සංග්‍රහ කර ථේව පසුකර දොරෙන් එළියට ගියේ ථේටත් එන්න කියා ඔළුවෙන් සන් කරමින්. ජන්කුක්ගේ සිනහව දුටු ථේගේ මුවින් සිහින් සිනහවක් ඉබේටම ඇඳුණා. නමුත් ඉක්මනටම තමන්ගේ පියවි සිහිය ගත් ථේ ඔළුව දෙපැත්තට වනා ඉක්මනට අඩිය තිය දිව්වේ ජන්කුක්ගේ කාර් එක දෙසට.

🐯 ආහ්... ඔය හිනාව. මාව දුර්වල කරනවා. නෑ. තමුන් අඬනවා බලන්නයි මට ඕනේ. ඔහොම ඉන්නවකෝ ඔය හිනාව මං මකලා දාන්න.

ථේ සිතින් ජන්කුක් දිහා බලමින් හිත හිත අඩිය ඉක්මන් කලේ අද meeting එක Jeon company එකේ අයත් සමඟ තිබු නිසා තමන්ගේ colors පෙන්නන්නත් මෙය හොඳ අවස්ථාවක් කරගන්න හිතාගෙන.
.
.
.
.
.
.
- kim company -

මීටින් එක පටන්ගත්ත පුරාවටම ථේගේ ඇස් තිබුණේ ජිමින් ගාව. එක මොහොතකටවත් ජිමින්ගෙන් ඔහු ඇස් ඉවතට නොගත්තේ ඇයි කියන්න ඔහුටවත් වැටහීමක් තිබුණේ නෑ.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Unde poveștirile trăiesc. Descoperă acum