- 7.00 pm at the WooBar Club -
තරුණ පිරිසක් අතර ගොඩක් ජනප්‍රිය වුණු ඉතා නවීන පන්නයේ අලංකාර බඩු බාහිරාදිය සහ වර්ණවත් ආලෝකකරණයෙන් හැඩ වුණු විවෘත අවකාශයකින් යුත් නයිට් ක්ලබ් එකක් වන WooBar සෝල් නගරයේ තිබෙන ඉතාමත් ජනප්‍රිය ස්ථානයකි. සෑම රාත්‍රියකම සජීවී DJ එකකින් පැමිණෙන පාරිභොගිකයන්ව කුල්මත් කරමින් ඉතා රසවත් පානයන් ලබාදෙමින් ඉතාමත් සතුටට පත් කරන මෙම නයිට් ක්ලබ් එකේ VIP ප්‍රදේශය වෙන් කරමින් බ්‍රැන්ඩි වීදුරුවක් තොල ගාමින් සිටි ජිමින් උකුස්සන්ගෙන් එන කෑගැසීම් මෙන් ඇහෙන ඉතා ඝෝෂාකාරී සංගීතය අතරින් ඔහුට එහා පසින් වයින් වීදුරුවක් අතැතිව සතුටින් ගායනා කරමින් ඉඟි බිඟි පාමින් නටන තරුණියන්ගේ සංදර්ශනය රස විඳිමින් සිටින උදීෂා දෙස නෙත යොමා බලා සිටියේ පිටතින් පෙනෙන දෙයට වඩා ගැඹුරු දෙයක් උදීෂාගේ දෙනවන්වලින් පෙනෙන්නට තිබු නිසා වෙන්න ඇති.
- "අද ජන්කුක් ආවා? එහෙම නේද?"
උදීෂාගේ නිශ්ශබ්දතාවයත් ඇයගේ අමුතු හැසිරීමත් තවත් බලා සිටිමට නොහැකි වූ ජිමින් තම හඬ අවදි කලා.
- "ඔව්"
ඇයත් කෙටි පිළිතුරක් දී වයින් වීදුරුවේ රස බැලීමට තම මුව ළඟට වීදුරුව ලං කලේ ජිමින් දෙස නොබලාමයි. නමුත් උදීෂාගේ මේ හැසීරීම ජිමින්ට ප්‍රශ්නාර්ථයක් ගෙන දුන්නත් ඇයට ටික වෙලාවක් ලබා දී බලා සිටිමට ජිමින් තීරණය කලා. සිතූ ලෙසම සමාජ ශාලාවේ දෙකන් බිහිරි කරන සංගීත හඬ අතරින් ඇය කතා කලා.
- "ජිමින්... ඔයා මේක අහලා කලබල වෙන්න එපා. ඒත් මට තාම හිතාාගන්න බැහැ මෙහෙම කොහොමද වෙන්නේ කියලා."
- "උදී ප්ලීස්. මට කියන්න. මොකක්ද ඔය තරමට බරපතල කාරණේ? ජන්කුක්ට අසනීපයක් ද? එයා........"
- "නෑ. එහෙම දෙයක් නෙමෙයි."
දිගු හුස්මක් ඉහළට ගත් උදීෂා තම වීදුරුව මේසය මත තබමින් හුස්ම හිමින් පහලට දමා ජිමින් දෙස බැලුවේ තමන් කියන්නට යන දේ ගැන තමන්ටත් සිතාගත නොහැකි හැඟීමකින්.
- "ජන්කුක්.... ජන්කුක් කියන්නේ ඔයාගේ සහෝදරයා"
- "මො... මොකක්?"
.
.
.
.
.
.
YOU ARE READING
Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅
Fanfiction................ තම සහෝදරයට පණ මෙන් ආදරය කරන සොහොයුරෙක් වගේම තම එකම සහෝදරයට දැඩි ලෙස වෛර කරන සොහොයුරෙක් ................ 🔹️වෛරයෙන් අන්ද වුනු ඔහුට කිසිදා තම සහෝදරයගේ ආදරය නොදකීවිද? 🔹️වෛර කරන ඔහු කවදා හෝ තමන්ව සහෝදරයෙකු ලෙස පිලිගනිවිද? 🔹️මොවුන් දෙද...