🔞 47th Bite 😊

Start from the beginning
                                    

යාඕ , චෙන්ගෙ පොරකෑමේ ප්‍රතිඵලයක් ලෙස කුවාන් මාස දෙකකට පෙර සන්ග් එක්ක පෙම් සබදතාවක් ආරම්භ කරේ යාඕ හා චෙන් හට හොද පාඩමක් උගන්නවමින්.. නමුත් මිතුරන් හත් දෙනාම තවමත් එකටමයි...

ශුවාන්.. ඔහු ගැන කියන්නට දෙයක් වත් නොමැති වන්නේ ඔහුට තවමත් ඔහුගේ හිතේ තියෙන ආදරේ ලබා ගන්නට නොහැකි වී ඇති නිසායී...

ඉතාමත් හොදම කාරණාව නම් මේ වන විට දෙවාතාවක් තාත්තී ශැංහයි ආ අතර ශැංහයි සිටින ඉතා දක්ෂ වෛද්‍යවරයකු ඔස්සේ ප්‍රතිකාර කිරීමෙන් පසුව මේ වන විට යම් යම් සද්ද උගුරින් පිට කිරීමේ හැකියාවක් තාත්තිට තිබුනා.. ඒ පුංචි පුංචි හඩවල් වලට පවා ජාන් ඉතාමත් සංවේදි වෙද්දි කොල්ලා සතුටට කෑ ගහලා අඩද්දි යීබෝට කොල්ලව නලව ගන්න රෑ එලිවෙනකල් නිදිමරන්න උන අවස්තාද බොහෝමයී...

ඉතින් තෙමස මෙසේ ගෙවී යද්දි දිනක් සිදු වූයේ කිසිවෙක් නිසිතූ සිදුවීමක්...

එදින ජාන් හා යීබෝ කැම්පස් එකෙන් එලියට ආවේ පොඩ්ඩක් පරක්කු වෙලා වෙද්දි එදා පොලිස් නිලධාරීන් සිටියේ නෑ.. කිසිදාක ඔවුන් ජාන්ලගෙන් ඇස් අහකට නොගත්තත් අද ඔවුන් නෑ... යීබෝ ජාන් මදක් තැති ගත්තත් මේ මීටර් පනහා දුවගෙන හරි යනවා කියලා යන්න යද්දිම එදා වගේම කලු පාට වෑන් එකක් ඉදිරියෙන් නවත්තන් බලන් ඉද්දී ජාන් යීබෝගේ අතේ එල්ලුනා...

❤️ ඩැඩී.. ඩැඩී.. ඒ උන් අනේ...🥺🥺

💚 ආපස්සට දුවමු මැණික.

යීබෝ ජාන්ගෙ අතකින් ඇදන් ආපස්සට දුවද්දිම පිටුපසින් ඒ හැඩි දැඩි පුද්ගලයන් හතර දෙනෙක් දුවන් එද්දී ජාන් හා යීබෝගේ ගමන හරස් උනේ සුදු පැහැති වෑන් එකක්...

🧛 ජාන්.. නගින්න.. ඉක්මන් කරන්න...

❤️ ෆ්‍රෑන්ග් උබ... ඒ පාර මොකක්ද ප$% දාන්න යන සෙල්ලම...

ජාන් ගිරිය පුප්පන අතරතුර යීබෝ පිටුපස බලද්දි මිනිස්සු හතර දෙනාම දුවන් එන නිසා යීබෝ ජාන්වත් ඇදන් ෆ්‍රෑන්ග් ඉන්න වාහනේට නැග්ගා...

❤️ ඩැඩීහ්...

💚 ෂ්... බබා... ෆ්‍රෑන්ග් මොකක්ද වෙන්නේ මේ...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now