Chapter 33

1.7K 426 137
                                    

Junkyard එක ලග ඉදන් ජන්කුක් පැය කාලක් යනකොට ටේහ්‍යොන්ග්ගේ ගෙදර ලගට ආවා... බයික් එක නතර කරන්නවත් වෙලාවක් නොගෙන බයික් එක බිමට අත ඇරලා ජන්කුක් ගේට් එක ඇරගෙන ඇතුලට දිව්වා.... දොරේ ලොක් එකට අත තිබ්බම දොර නිකන්ම ඇරුනා... ජන්කුක්ගේ බය තවත් වැඩි වුනාම ජන්කුක් ඉක්මනට දොර ඇරගෙන ඇතුලට ගියා...

මුලු ගෙදරම අදුරු වෙලා තිබුනා... ගෙදර ඇතුලේ එක ලයිට් එකක්වත් දල්වලා තිබුනේ නෑ... ජන්කුක් දොරට පයින් ගහලා වහලා දාලා ඉක්මනට ටේහ්‍යොන්ග්ගේ රූම් එකට ගියා... ටේහ්‍යොන්ග්ගේ රූම් එකේ දොර වහලා තිබුනා... ජන්කුක් තට්ටු කරන්න හදලා ආයේ දොර ඇරියා.... නයිට් ලෑම්ප් එක බෙඩ් කබඩ් එක උඩ දාලා තිබුනා... ඒත් ටේහ්‍යොන්ග් ඇද උඩ හිටියේ නෑ... කිසිම සද්දයක් රූම් එක ඇතුලේ තිබුනේ නෑ...

ජන්කුක් ඉස්සරහට යන්න අඩිය තියලා ආයේ නැවතුනා... බිම වැටිලා තිබුන මොනවාහරි දෙයක් කකුලට පෑගුන නිසා ජන්කුක් බිම බැලුවා... ටේහ්‍යොන්ග්ගේ ඇදුම්, ජන්කුක් ඇස් ලොකු කරගෙන බිම බලාගෙන ඇවිදගෙන ඇදේ එහා පැත්තට ගියා... ටේහ්‍යොන්ග් කෝට් එක, ශර්ට් එක, කලිසම ඇද ලගට යනකන් බිම දිගේ තිබුනා...

"ඩෝලී" ජන්කුක් කතා කරා... ජන්කුක් බාතෘම් එකට යන්න ගිහින් නැවතුනා... "ඔහ්හ් ගෝඩ් ඩෝලී" ඇද ලග බිම ගුලි වෙලා ඉන්න ටේහ්‍යොන්ග් දැකලා ජන්කුක් ඉක්මනට දුවගෙන ගියා... "ඩෝලී ඇස් අරින්න මම ආවා" ටේහ්‍යොන්ග් බොක්සර් එක විතරක් ඇදගෙන බිම ඇලවෙලා හිටියා... ජන්කුක් ටේහ්‍යොන්ග්ව කෙලින් කරලා බිම වාඩි කරා... "ඩෝලී" ජන්කුක් ආයේ කතා කරාම ටේහ්‍යොන්ග් හිමින් ඇස් පිල්ලම් ගහන ගමන් ඇස් ඇරියා...

"කු-කුක්"

"ඩෝලී" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ උරහිස වටේ අත් යවලා බිම ඉදගෙන ටේහ්‍යොන්ග්ව පපුවට තුරුලු කර ගත්තා...

"මා-මාව දාලා ය-යන්න එපා ප්-ලීස්" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ශර්ට් එකෙන් තදින් අල්ලගෙන අඩන්න පටන් ගත්තා...

"නෑ ඩෝලී මම කොහෙවත් යන්නේ නෑ, මොකද වුනේ ඔයාට මොනවාහරි වුනාද?" ජන්කුක් ටේහ්‍යොන්ග්ව උස්සලා අරගෙන උකුලෙන් තියා ගත්තා...

piano teacher ||vkook||Where stories live. Discover now