පස්වරු; 5:55
නොනවතින වර්ශාව දිහා සාප්පුව ඉදිරියේ ඇති විශාල වීදුරුවෙන් බලාගෙන හිටිය ටේහ්‍යොන්ග්ගේ ඇස් තිබ්බේ වැස්සේ තෙමෙන ගෑනු ලමයෙක් හා පිරිමි ලමයෙක් ලග... වැස්ස ගැන නොතකා සිප වැලදගැනීම් කරන ගමන් එහාට මෙහාට දුවන ඒ යුවල ටේහ්‍යොන්ග්ගේ කොලේජ් කාලය මතක් කරා... අවසාන වතාවට ටේහ්‍යොන්ග්ට සම්බන්ධයක් තිබුනේ කොලේජ් එකේ අවසානේ වසරෙදි නේද කියන එක ටේහ්‍යොන්ග්ගේ මතකයට ආවා... එතනින් පස්සේ මේ වෙනකන්ම ටේහ්‍යොන්ග් ගෙව්වේ හුදකලා ජීවිතයක්...
"හ්ම්ම් මට දැන් අවුරුදු 30ක්" සීතල නිසාම කතා කරනකොට කටින් පිටවෙන උණුසුම් හුස්ම වීදුරුවේ වැදිලා බොදවුනා...
"ඒ වුනාට ඔයා හරිම ලස්සනයි" එහා පැත්තෙන් හුරතල් කටහඩක් ඇහුනම ටේහ්‍යොන්ග් හිනාවුනා...
"මමත් එහෙම හිතනවා ඒත් මම ගොඩක් වයසයි" ටේහ්‍යොන්ග් සප්පුවේ වැඩ කරන ගෑනු ලමයට උත්තර දුන්නා...
"ඔයා දිහා බැලුවම වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා ඔප්පු වෙනවා"
"ඒ කියන්නේ මම ඒ තරම් ලස්සනයි" ටේහ්‍යොන්ග් ලස්සන හිනාවක් මවාගත්තා...
"අනිවාරෙන්, දුක් වෙන්න එපා ඔයා අවුරුදු 50ක් වුනත් ඔය වගේම ලස්සනට ඉදී මට විස්වාසයි" සාප්පුව ඇතුලට ගිය සේවිකාව නැවත වතාවක් ඇදුම් රාක්ක වලට අහුරන වැඩේ පටන් ගත්තා...
"ඔයා බලන ඇදුම අපේ සාප්පුවේ නෑ ඒ කියන්නේ" සේවිකාව ආයේ ඇහුවම ටේහ්‍යොන්ග්ට සියුම් ලැජ්ජවක් දැනෙනවා එක්කම කම්මුල් රතු වෙන්න ගත්තා...
"ඔව්" දැනුන් ලැජ්ජාව නිසාම ටේහ්‍යොන්ග් වැස්සේ වුනත් එලියට යන්න ලෑස්ති වුනා...
"ඔයා ඔය යන්නද හදන්නේ" දොර අරින ටේහ්‍යොන්ග්ගෙන් ඒ ගෑනු ලමයා ඇහුවා...
"ඔව්"
"ඒත් මේ වැස්සේ එලියට ගියොත් නම් ඔයාව දියවෙයි, අනික එලියේ ගොඩක් සීතලයි"
දොරට තියන් හිටිය අත අරගෙන ටේහ්‍යොන්ග් ආයෙම සාප්පුව ඇතුලට ආවා...
ටේහ්‍යොන්ග් සතියක විතර ඉදන් හිටියේ තරමක් වය්‍යාකූල වෙලා... අම්මගේ ලෙඩේ එන්න එන්නම නරක අතට හැරෙන එකත්, හැමදේම තනියෙන් හසුරවන්න වෙන එකත් නිසා ටේහ්‍යොන්ග් හිටියේ අමාරු කාලයක් ගත කරමින්... ඒ අතරම ජීවිතේට අලුතෙන් ආව ආගන්තුකයා නිසා ටේහ්‍යොන්ග් හිටියේ වය්‍යාකුල වෙලා...
YOU ARE READING
piano teacher ||vkook||
Fanfiction~අවුරුදු 10 ක් පමණ තනිකමෙන් පිරුනු හුදෙකලා ජීවිතයක් ගත කල කිම් ටේහ්‍යොන්ග්ගේ ජීවිතයට හදිස්සියෙ ඇතුලුවන ජොන් ජන්කුක්, රාගය හා ආලය අතර දෝලනය වන ටේහ්යොන්ග්ව හසුරවනා ආකාරය ~ Jungkook's Rain drop 💧 taekook Top kook Bottom tae Smut warning ‼️