එයා එහෙම කියලා ආපහු ඇඩුවා කුකී. මමත් අඩන්න ඕනා ඒත් මට ඊට වඩා අප්පා කියපු දේ ගැන දැනගන්න ඕන උනා. එයාගෙන් ඇහුවාම එයා විස්තරේ මට කිව්වා...

ඔම්මයි එයයි මාවයි, ඔයාවයි ලැබුනට පස්සේ ටික කාලෙකින් ඩිවෝස් වෙලා තියෙනවා... අප්පා මාවත්, ඔම්මා ඔයාවත් අරගෙන වෙන වෙනම ජීවත් වෙන්න ගිහින්... අප්පට සල්ලි නැති උනාට ඔම්මා සල්ලිකාර පවුලක ලමයෙක් නිසා එයා ඇමෙරිකාවට ගිහින් ඔයාවත් අරගෙන... ඔම්මා මැරුනා කියලා අප්පා මාව බලාගෙන තියෙනවා...

ඒත් අප්පා එදා කිව්වා 'ඔම්මා තවත් ජීවතුන් අතර නෑ' කියලා. මං බය උනා මං ඇහුවේ ඔයා ගැන-

ඔයාට අසාධ්‍ය වෙලා, ඔයාගේ ලේ වර්ගයේ හිගයක් වෙලා, ඔයා මැෂින් ගොඩක් මැද ජීවත් වෙන්න දගලනවා මං මගේ ඇස් දෙකෙන්ම දැක්කේ අප්පා මට පෙන්නපු වීඩියෝ එකෙන්...

අප්ප ඇහුවා මට ලේ දෙන්න කැමතිද කියලා.. දෙපාරක් නොහිතම මං කැමති උනා.. චෙක් කරන්න දෙයක් නෑ අපි ට්වින්ලා ඉතින් ලේ දෙන්න පුලුවන්...

මං ඇමෙරිකාවට ආවා අඩුම එයාටවත් නොකියා. මොකද මගේ මානසික මට්ටම එක තැනක තිබ්බේ නෑ..

මං ලේ දෙන්න කැමති උනා. ඔයා මං වගේමයි, මට සතුටුයි මං හියුන් කෙනෙක්...

ඒත් ඩොක්ටර්ස්ලා මට කිව්වා මං දුර්වලයි ලේ දෙන්න බෑ කියලා... මං ඇඩුවා අයැදුවා ඔයාගේ ජීවිතය බේර ගන්න උදව් කරන්න ඉඩ දෙන්න කියලා... අප්පා දන්නේ නෑ එයාට බනින්න එපා මට අමාරු වෙනකංම එයා දන්නේ නෑ.. මගේ බල කිරිල්ලට එයාලා ඔයාට ලේ දුන්නා.. මං හොදින් උන්නා ඔයාගේ මූණ බලන්න, ඔයාගේ ලස්සන ඇස් දෙක අරිනකං මං හොදින් උන්නා..

ඒත් මට අමාරු උනා...

හදවතේ හිලක් තියෙන කෙනෙක් ජීවත් වෙලා වැඩක් නෑ කුකී... මං ඔයාව දැක්ක වෙලේම ඒ දේ හිතලා ඉවරයි...

ඔයාට මගේ වේදනාව හංගගෙන මං විනෝද උනා.. ඔයාගේ හිනාව, කතාව, නපුරු ගතිය, මුරණ්ඩුකම මං ආසයි ඒවට.. මට එයාව මතක් කරා ඔයා ආපහු..

එයාට කියන්න 'මං තාමත් ආදරෙයි කියලා...' ඔයා කියනවා නේද?

මතකද මං සිහි නැතුව කානිවල් එක මැද ඇදගෙන වැටුනාම ඔයා මාව ඔයාගේ අත් වලින් උස්සගෙන අරගෙන ආව කියලා.. මං බර නැද්ද? ඔයාගේ අත් රිදුනද කුකී?

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now