14

1.2K 284 28
                                    

"අඩා අඩා උබට ඇත්තටම මතකෙ ආවද ගුකියෝ" යොන්ජුන් කතා කරේ එයාට ජන්කුක්ව විශ්වාස කරන්න බැරි නිසා නෙවෙයි තිබ්බ සතුටට...

"ඇයි හොද නැද්ද?" ජන්කුක් ඇහුවේ ඕනාවට එපාවට වගේ මොකද ජන්කුක්ට එක දවසින් සේරම එපා උනා...

හැමවෙලේම පස්සෙන් නැට්ට වගේ එන යොන්ජුනුයි, කොලයක්වත් ඇගේ වැදෙන්නවත් දෙන්නෙ නැතුව ආරක්ෂා කරන ටේහ්යුංනුයි, තාමත් මේ වෙන දේ විශ්වාස නොකරන එවිල් ජිමිනුයි ජන්කුක්ව තුන් පැත්තකින් වට කරගෙන මුලු යුනිවර්සිටි එකේ හැම තැනටම එයා එක්ක එන එක ඇත්තටම ජන්කුක්ට තිත්ත වෙලා තිබ්බේ... පුලුවන් කමක් තිබ්බ නම් තුන් දෙනාවම බෝතලේකට දාලා මුහුදට විසික් කරන තරමට ජන්කුක්ට තද වෙලා... ඒත් මොනා කරන්නද පෙර කල පව් නිසා ඉවසන් උන්නා...

"ඒත් ගුකී මං කැමති උබ කලින් උන්න විදිහට කරාබු දාලා පොර වගේ ඉද්දී මටත් නිකං ගැම්මක් එනවනේ තේරෙනවනේ නේද?" යොන්ජුන් ඔයාට කට රිදෙන්නේ නැද්ද කියලා ජන්කුක්ට අහන්න උවමනාව තදේටම තිබිලත් ජන්කුක් ඉවසන් උන්නා...

"අඩෝ උබ හොදින් නේද? මේ අතේ ඇගිලි කීයද?" යොන්ජුන් අතේ ඇගිලි පහම මිට මොලවගෙන ඇහුවාම අත දිහයි යොන්ජුන් දිහයි මාරුවෙන් මාරුවට බැලුව ජන්කුක් එයාගේ අතේ මැද ඇගිල්ල දික් කරලා ඩෙස්ක් එකට ඔලුව තියා ගත්තා...

"ගුකී බබා..........." ජන්කුක්ගේ ලෙක්චර් එක ඉවර වෙනකං බලාගෙන උන්න ටේහ්යුං ප්‍රොෆෙසර් යනකං ඉදලා හෝල් එකට කෑ ගහගෙන පැන්නා...

ටේහ්යුං දුවගෙන ඇවිත් තාමත් බය වෙලා ඉන්න ජන්කුක්ගේ නලලින් පුංචිම පුංචි කිස් එකක් තියලා එයා ඉස්සරහින් දණ ගහ ගත්තා... ජන්කුක් නම් තාමත් ජන්ශොක් වෙලා බලාගෙන උන්නා... ටේහ්යුංට නම් වටේ පිටේ ලමයි ඉන්නවද කියලවත් ගානත් නෑ එයා ජන්කුක්ගේ අතින් අල්ලගෙන ඒ අතේ ඇගිලි එකින් එක කිස් කරා, අල්ල කිස් කරා, අත දිගේ උඩටම කිස් කරා, බෙල්ල කිස් කරා, මුලු මූණම කිස් කරා... ටේහ්යුංට පිස්සු හැදිල වගේ හුස්ම ගන්න එකත් අමතක කරලා ජන්කුක්ගේ පේන පේන තැන කිස් කරා...

"ඇතී..." ජන්කුක් ඇයි රතු වෙලා? ඔහ් එයා කියන විදිහට නම් එයාට AC හෝල් එකේ දාඩිය දාලා...

MY JUNG-K HAS CHANGED|TK| ✔Waar verhalen tot leven komen. Ontdek het nu