:හෙලෝ හියුන් කියන්න
:ජන්කුක් ඔයා කොහෙද ඉන්නේ?
:මං ගෙදර හියුන් ඇයි හදිස්සියේ?
:ඔයාට එන්න පුලුවන්ද දැන් ටිකක්... වැඩ නම් කමක් නෑ...
:නෑ හියුන් මං එන්නම් ඒත් හියුන් ඇයි අමුතු විදිහට කතා කරන්නේ?
:අම් මුකුත් නෑ ඔයා එන්නකෝ.. පරිස්මට එන්න හොදේ
:හියුන් මොක-
සේරම දේවල් අමතක කරල දාලා ඉක්මනට ජැකට් එක දාගත්ත ජන්කුක් කා කීස් එල්ලන තැනට ගියේ කී එක අරගන්න උනත් එතක කී එක තිබුනේ නෑ...
'ආශ් ඒක යුනිවර්සිටි එකේ නේද? අයියෝ මට ඒකත් අමතක උනානේ'
එතන තිබ්බ මේසෙටත් පයින් පාරක් ගහලා ඉක්මනට පහලට ගියේ ටැක්සි එකකවත් යනවා කියලා හිතාගෙන... ඉක්මනට ඩෑඩ්ගේ කම්පැනි එකට ගියපු ජන්කුක් ඩෑඩ්ගෙන් කා එකක් ඉල්ලගෙන කෙලින්ම ගියේ සුගාගේ පොට් එකට... එයාට කෙලින්ම එතනට යන්න බැරි උනේ සුගාගේ තැන රහසක් නිසයි... ඉක්මනට කා එකෙන් බැහැලා ඇතුලට ගියපු ජන්කුක්ට දැකගන්න හම්බුනේ වෙඩි කාලා වැටිල ඉන්න එයාගේ සෙට් එක විතරයි...
'මේ මෝකද මේ? නැගිටින්න මින්හෝ... වුන්... සූහා... මොකද මේ කතා කරන්න මොකක්ද මෙතන සිද්ධ උනේ? හියුන්... හියුන්... ඔයා කොහෙද යුන්ගි හියුන්...'
ජන්කුක් කෑ ගගහා හැමතැනම යුන්ගිව හෙව්වා... එයා බයයි පණ්ඩිතය වගේ උන්නට ජන්කුක්ට මැරෙනවා බලන්න බෑ... එයාගේ හියුන්, යුන්ගිට මැරෙන්න දෙන්න බෑ... මොකක්ද උනේ? කවුරුත් ජීවතුන් අතර නැද්ද?
ජන්කුක් එයාගේ යාලුවෝ හැමෝම ලගට ගිහින් කතා කරේ කවුරුමහරි කතා කරයි කියලා හිතාගෙන ඒත් කවුරුත් නෑ... කවුරුත් ජීවතුන් අතර නෑ... ජන්කුක් දුවගෙන ගිහින් යුන්ගිගේ private room එකේ බැලුවත් ඒකෙත් උන්නේ ඩැනියල් විතරයි...
'ඩැනී ඩැනී කතා කරපංකෝ... කොහෙද හියුන්? උබලට මොකද උනේ?"
ජන්කුක් ඩැනියල්ව හොලව හොලව කතා කරා... එකපාරටම කැස්සක් එක්ක ලේ දාගෙන ඩැනියල් අමාරුවෙන් ඇස් ඇරියා...
YOU ARE READING
MY JUNG-K HAS CHANGED|TK| ✔
FanfictionHow come you don't even know Taehyung's name when Taehyung's love who left the country came back to Korea? Is it possible to turn someone's character upside down in one year, erase their memories and change their name... Yes, Taehyung loved Jungguk...