18

1.3K 288 37
                                    

"ඩෑඩ්" ජන්කුක් මිස්ටර් ජෙයොන්ගේ ඔෆිස් එක ඇතුලට ඇවිදගෙන ගියා...

"මං හිතුවේ ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඔයාට එන්න දෙන එකක් නෑ කියලා ජන්කුක්..." මිස්ටර් ජෙයොන් ඇහුවේ සමච්චල් ස්වරූපයෙන්...

"ඔයාට අදාල නෑ මං කවුරු එක්ක උන්නත්, මගේ දේවල් වලට ඇගිලි ගහන්න එපා මොකද මං එයා නෙවෙයි" ජන්කුක් කෑ ගැහුවේ එලියේ උන්න අයවත් බය කරවලා... ටික දවසකට කලින් හුරතල් වෙන්න හදපු ජන්කුක් දැන් ආපහු පරණ තත්වෙට වැටිලා... එයාගේ තරහව සාධාරණ එකක්ද කියන එක දන්නේ එයාම විතරයි...

"ඇමෙරිකා යන්න එනවද? මොකද ඔයා ආවෙ නැතත් ගැටලුවක් නෑ මොකද ඔයාව බලන්න එහේ අය අකමැති වෙයි" ජෙයොන් කිව්වේ කලකිරුණු ස්වරූපයෙන්... ජෙයොන්, ජන්කුක් ටේහ්යුං එක්ක යාලු උනා කියලා ආරංචි උන දවසෙම කලකිරුණා...

"ඒක මං බලාගන්නම්, මං හිතල කියන්නම්" තර්ජන ස්වරූපයෙන් ජන්කුක් කිව්වේ ඩෑඩ් තමන්ට මේ කියන දේ ගැන එයා දන්න නිසා... ඒත් දැන් හැරෙන්න බෑ

"ජන්කුක්, ඔයාට වෙලාව තියෙනවා ඕක නතර කරල දාන්න" ජෙයොන් එයාගේ පුටුවට බර උනා...

"ඔයාම නේද මට මෙහෙට එන්න කිව්වේ? ඔයාම නේද මාව මෙහේ නතර කරගන්න ඩයරි එක දුන්නේ? ඔයාට නෙවෙයි මේක ඕන උනේ ඩෑඩ්... මාව මෙහෙට ගෙනත් මේවගේ දේකට ඇදල දැම්මේ ඔයා නෙවෙයිද? හැම දෙයක්ම ඔයා නිසයි... ඇයි ඇමෙරිකා ආවේ මට මැරෙන්න නොදී බේරගත්තේ ඇයි?" ජන්කුක් කෑ ගැහුවා, තරහින් වගේම දුකෙන්...

"ජන්කුක් මං මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ... මං පොරොන්දු උනා ඒකයි ම- අනේ මගේ දරුවෝ මට සමාවෙන්න... ප්ලීස් සමාවෙන්න" බිම වැටීගෙන අඩන ජන්කුක් ලගට දුවන් ගිය ජෙයොන් එයාව බදාගත්තා... ජන්කුක්ට වේදනාවක් ගෙනාව නම් ගෙනාවේ එයා උන පොරොන්දුවයි...

ජෙයොන් එදා පොරොන්දු නොවුන නම් අද ජන්කුක් කියන චරිතේ ටේහ්යුං කියන පුද්ගලයාට අසීමිතව ආදරය නොකරන්න තිබ්බා... ජන්කුක්ට අද තීරණයක් ගන්න අමාරු නෙවෙන්න තිබ්බා... ජන්කුක් මේ තරම් අසරණ නොවෙන්න තිබ්බා... ධෛවය ජන්කුක්ට හිනා නොවෙන්න තිබ්බා...

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now