4

1.3K 295 42
                                    

"හියුන් අයිම් රියලි සොරි..." කා ලගවත් අඩුම ඔම්ම, අප්ප ලගවත් දණ ගහලා නැති ජන්කුක් අද කෙනෙක් ලග දණ ගහලා ඔලුවත් පහත් කරගෙන...

"කුක් මං ඔයාට කියල තියෙනවා කා ලගවත් දණ නමන්න එපා කියලා අඩුම මටවත්... මොකද ඔයා ජන්කුක් නිසා" ජන්කුක් දිහා නොබලම ඒ කෙනා එයාගේ ක්‍රමය ජන්කුක්ට තේරුම් කලා... ජන්කුක්ගේ ගති ගුණ වලට බාගෙක විතර අයිතිය ඒ කෙනාට දෙන්න ඕනා...

"හියුන්..."

"මුලින්ම නැගිටලා මනුස්සයෙක් වගේ කතා කරන්න" ජන්කුක් නැගිට්ටා... අනතුරින් තමන්ගේ ජීවිතය බේරගත්ත කෙනාට ගරු කරන්න ඕන කියලා ජන්කුක් දැනගෙන උන්නා... ඇත්තටම ජන්කුක් එයාට ආදරෙයි ඒ වගේම ගරු කලා...

"ඩෑඩ් තමයි එන්-"

"මං නොදන්න දෙයක් කියන්න ජන්කුක්..." සුසුමක් හෙලුව ජන්කුක් කල්පනා කරේ දැන් මොනව කියන්නද කියලා... එයා දන්නවා හැම දේම දන්නවා...

"හරි දැන් කියන්න බලන්න බාර් අස්සේ එක එකා එක්ක ලගින්නේ ඇයි? ප්‍රශ්නයක් නම් බොන එකද විසදුම? ගහ ගත්තේ කාත් එක්කද? මට පැහැදිලි කරන්න"

"ඇත්තටම ගහ ගන්න ඕන උනේ නැහැ... ඩෑඩ් කිව්වා හැමෝමව දන්නවා වගේ හැසිරෙන්න කියලා ඉතින් ඌ එක්ක මං හිනා උනා ඒත් කොටා මට ගැහුවා... ගහද්දී බලන් ඉන්න එක මේ ජන්කුක්ගේ විදිහ නෙවෙයි නිසා මමත් උට ගැහුවා... සමහරවිට මැරිලත් ඇති දැන්..." ජන්කුක් උන සිද්ධිය විස්තර කලා... අර පුද්ගලයා කකුලක් උඩ කකුලක් දාගෙන හොද වයින් කෝප්පෙක රහ බලන ගමන් එයාගේ පුංචි සහෝදරයාගේ වීරකම් අහගෙන උන්නා...

"මට තරහ ගියා ඉතින් උට ගහල දාලා ක්ලබ් එකට ගියා... ඒත් ඉතින්-" ජන්කුක් බය උනා ඊට පස්සෙ උන දේවල් කියන්න... තත්වය තේරුම් ගත්ත කෙනා ඇති කියන්න සංඥා කරාම ජන්කුක් සැනසුම් සුසුමක් හෙලුවා... ඒත් ජන්කුක් පසුතැවුනා තමන් ගැන මෙච්චර විශ්වාස කරන කෙනාට නොකියා ඒ විශ්වාසය කඩලා ඩෑඩ්ගේ කීමකට කොරියා ආව එක ගැන... එයා ගොඩක් පසුතැවුනා...

ඔය අතර යොන්ජුන් ජන්ගුක් උන්න පරණ ගෙදර ගියේ තාමත් එයා එහේ ඇති කියලා හිතලා... මොකද එයාලා යද්දී ඒ ගෙදර වහල දාලා ගියා මිසක් තාමත් කවුරුත් ඒ ගෙදරට ඇවිත් තිබුනේ නැහැ... ඒත් ඒ ගෙදර තිබ්බ දූවිල්ලත්, කාලෙකින් පාවිච්චි නොකරපු ගතියත් නිසා යොන්ජුන් දැන ගත්තා ජන්කුක් ඉන්නේ මෙහේ නොවන වග...

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now