Gifts For Dual ..

Start from the beginning
                                    

.
.

ප්‍රින්සස්,

සීතලයිද මැනික මෙතන
මට ඔයාව උනුසුම් කරන්න
ඒත් මන් පරක්කුයි නේද මැනික
මාව දාලා යන්න දුක හිතුණේ නැද්ද මැනික

මගේ සුදු රෝස මල
මට පාලුයි
මගේ හදවත රිදෙනවා යූන්
ඇයි මාව හිර කරේ යූන්
ඇයි මාවත් එක්කන් ගියේ නැත්තේ යූන්
ඇයි මාව දාලා ගියේ යූන්

අවුරුදු 100ක් දිග වැඩී ප්‍රින්සස්
ඔයාගේ ටේ එච්චර ශක්තිමත් නෑ මැනික
මටත් රිදෙනවානේ ගොඩක්

කොහොමද මැනික මන් ඉන්නේ.
ඔයා මට ඩ්‍රග් එකක් වෙලා මැනික
මගේ යූන් නැතුව මන් පිස්සෙක් වෙලා මැනික

දන්නවද මැනික,
අද අහස තනියම අඩනවා.
ඒයාගේ වැහි බිංදු එයාව තනි කරලා දුරක ගිහින් මැනික
දේනුන්නක් ආයේ පායන්නේ නැති වෙයි නේද මැනික
මේ අහස තනියම ඉකි බිදිනවා මැනික

මොකද්ද මගේන් උන අඩුව යූන් ,
මගේ ආදරේ මදි උනාද මැනික
ඇයි ඔයාට තේරුනේ නැත්තේ මැනික
යූන් නැතුව එයාගේ ටේ නිකමෙක් කියලා
හරියට සුදු වලාකුලක් වගේ
හැමදේම හිස් උන

දන්නවද මැනික ඔයාට වඩා මට රිදුනා කියලා
ඔය ඇහෙන් වැටෙන කඳුළක් ගානේ මන් මට සාප කර ගත්තා කියලා දන්නවද මැනික

නෑ නේද .......
දන්නවා නම් මාව දාලා යන්නේ නෑ නේද මැනික

මැනික දන්නවද දැන් මට තේරෙනවා ඇයි ඔයා මෙච්චර බියර් වලට ආස උනේ කියලා
ඒකට මාත් ඇබ්බැහි වෙලා වගේ මැනික
ඒ මත් ගතිය මාව ඔයාගේ උනුසුමෙන් පුරෝනවා මැනික
ඔයාටත් එහෙම දැනුනද මැනික

යූන් සමාවෙන්න ප්‍රින්සස්,

මට මහන්සි ගොඩක්
අවුරුදු 100ක් බෑ මැනික ඉන්න.
ඒත් පොරොන්දු වෙන්නම් මේ හිතේ හයිය තියෙනකන් ඉන්නවා කියලා
මන් එනකන් ඉන්නවා නේද
අපි අලුත් ලෝකෙක අපේ පැටියත් එක්ක ආයේ එකටම ඉපදෙමුද
ඔයා ඒකට කැමතිද මැනික
මන් එනකන් ඉන්නවා නේද මැනික බලන්.
ආයෙත් දාලා යන්නේ නෑ නේද
මේ පාර නම් දරා ගන්න බැරි වෙයි පන

................. ටේ 🥀

.
.

මේ වචන ටේ ගෙන් යුන්ට ලැබුනු වචන ..

.
.

අනේ ඇත්තටම මේ තමා මට මේ Dual කතාවට ලැබුනු පළවෙනි තෑග්ග ... ඇත්තටම මම ආදරෙයි ඒ වචන වලට ... 🥺

මම වැඩිපුරම ආස ටේ යුන්ට කියන වචන ටිකට ... ඒකෙත් අන්තිම වාක්‍ය තමා වැඩිපුරම හිත ගත්තේ ...

'ආයෙත් දාලා යන්නේ නෑ නේද
මේ පාර නම් දරා ගන්න බැරි වෙයි පන '

ඇත්තටම ලස්සනයි නේද පැටවු ඒ වචන ... ❤

අනේ ඒ වචන නම් ඇත්තටම දැනුනා... ස්තූතියි Kimheawool නංගියෝ... 🌷



DUΛL⏳ ( Completed )Where stories live. Discover now