කොල්ලා වාහනේ ගෙදර මිදුලට දාලා ඒකෙන් බැස්සේ ලොකු හුස්මක් අරන්...
කෙල්ලගේ මූණ දැක්කම මේ හැමදේම විසදේවි කියලා එයා හිත හදාගත්තා...ඒත් කවුද දන්නේ තවමත් කෙල්ල ඉන්නේ කොල්ලව අමතක උන වනම නම්...
ඒත් කමක් නෑ කියලා කොල්ලා හෙමින් දොරත් ඇරගන ගේ ඇතුලට ගියේ කෙල්ල අයෙමත් තුවාලයක් කරන් නැතිවෙන්නයි කියලා හිතින් දහස්වාරයක් ප්‍රාර්ථනා කරන ගමන් ....
කොල්ලා සාලෙට එද්දි ඉයුන් බී හිටියේ සෝෆා එකේ වාඩිවෙලා ... කොල්ලව දැක්ක ගමන් කෙල්ල හිටි තැනින් නැගිට්ටා....
" ටේ.... "
කෙල්ල අඩාගනම කොල්ලගේ ලගට දුවන් ඇවිත් කොල්ලගේ ඉන වටෙන් අත් දාලා තුරුල් උනේ ටේහ්‍යුන් ටිකක් වෙලා නොසෙල්වී ඉද්දි..." යු යුන්.... "
කොල්ලට තේරුනා කෙල්ල ඉන්නේ සාමාන්‍ය තත්වේ කියලා... තමන්ගේ අත්දෙකත් කෙල්ලගේ උරහිස් වටෙන් දාලා එයාව තවත් තමන්ට තුරුල් කරගන්න ගමන් කොල්ලා කෙල්ලගේ ඔලුව අතගෑවේ හුස්මක් පිටකරලා ...." අ අනේ ටේ.. ඔයා කොහෙද ගියේ... මම මුලු ගෙදරම ඔයාව හෙව්වා.. දන්නවද මම බය උන තරමක්... "
කොල්ලගේ පපුවෙන් ටිකක් මෑත්වෙලා කෙල්ල ඇහුවා.." අ අනේ.... ඔයා ඇඩුවද යුන්.. ඔයා දන්නවනේ මම ඔයාගේ කදුළු වලට ආස නෑයි කියලා... ඉතින් ඇයි මේ... ම්...
මම... මම මේ.. ගොසරි එකට ගියා.. මොනා හරි ගේන්නයි කියලා... "
කල්පනා කරලා කොල්ලා කටට ආව උත්තරේ කියලා දැම්මේ කෙල්ලගේ කම්මුල් වල තිබුන වේලුන කදුළු පාරවල් අතින් පිහිදන ගමන්..." ඉතින් කියලා යන්න එපැයි... ඇයි නොකියා ගියේ... අනේ ... ටේ මට නොකියා යන්න එපා.. ඔයා දන්නවනේ මම බයවෙනවා කියලා... "
කොල්ලගේ ඇගේ එල්ලීගනම කෙල්ල අඬද්දි ටේහ්‍යුන් ගේ පපුවත් එක්ක රිදෙන්න ගත්තේ ඇත්තටම තමන් ගෙදරින් ගිය විදිය කෙල්ල දැනගත්තොතින් එයා මොන විදියට ඒක බාරගනීද කියලා හිතිලා...." හ්ම්ම්... මියානේ පණ.. මම හදිසියේම ගිය නිසා කියන්න උනේ නැත්තේ... තරහද මා එක්ක .. "
කෙල්ලගේ අතකිනුත් අල්ලගන ඒ මූණට එබිලා කොල්ලා හිනා උනේ කෙල්ල ලාවට රවලා අහක බලද්දි...
YOU ARE READING
DUΛL⏳ ( Completed )
Fanfiction~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් නෑ... මම ලස්සනත් නෑ.. අනික මම ඔම්මා අප්පා නැති අනාතයෙක් කියලා දැනගනත්.. ඇයි.. මේ තරමට මට.... ? මට ඔයාට දෙන්න කියලා කිසිම දෙයක් නෑ ටේහ්‍යුන්...