එන්න එන්නම මැකිලා යන ඒ රූපේ පස්සෙන් ටේහ්‍යුන් දුවන්න ගත්තත් එක වංගුවකින් පස්සේ එයාට ඒ රූපේ මග ඇරුනා...කොල්ලා ඉක්මන් කරලා දුවලා ගියේ ඒ වංගුවත් පහුකරගන... ඒ එක්කම එයා දැක්කේ ඈතින් තවමත් වැස්සේ ඔහේ ඇවිදින කෙල්ලව ...
කෙල්ලගේ ඉස්සරහට ගිහින් එයාව නවත්තන්න ඕනි උනත්... වැස්සට තෙමිලා ලෙඩ වෙන්න එපා කියන්න ඕනි උනත් කොල්ලා ඉයුන් බී ට මීටර් කීපයක් දුරින් එයාගේ පිටිපස්සෙන් ගියේ කෙල්ලට නොදැනෙන්න...එයා පාර අයිනේ තිබ්බ ටිකක් පරණ උන යකඩ පඩිපෙළක් නැගලා උඩ තට්ටුවක තිබ්බ බැල්කනි එකකට නගිද්දි කොල්ලා පහල ඉදන්ම බලන් හිටියේ ඈතට පේන ඒ හිස්බව පිරුන මූණ දිහා...
" හ්හාඅ ..... කවදා වෙනකන්ද ඉයුන් බී ... ? ඔයා කවදා වෙනකන් දරාගන්නවද... ? එච්චර පුළුවන් ද.. ආ... "
ඒ මූණ දිහා බලාගන ටේහ්‍යුන් තමන්ටම මුමුණන්න ගත්තා....බර හුස්මක් පිටකරලා කෙල්ල බැලුවේ වලාකුළු පිරිලා අදුරු වෙලා තිබ්බ අහස දිහා... බැල්කනි එකට වෙලා එයා තවමත් ඇගට වැටෙන වැහි බිංදු ගානකට වත් ගත්තේ නෑ...
උරහිසේ ගෑවෙන්න තිබ්බ ඒ තද දුඹුරු පාට කෙටි කොන්ඩේ හොදටම තෙත් වෙලා එයාගේ බෙල්ලට වැටිලා තිබුනා...ඉයුන් බී ... හහ්... ඔම්මා.. ඇයි ඔයා මට වැස්ස ගැන නමක් දැම්මේ...
මම අහසට ඕනි ඕනි විදියට බිමට වැටෙන්න ඕනි නිසාද... එහෙමත් නැත්තන් වේලුන බිමකට තෙතක් ගේන්න ඕනි නිසාද.... ??හ්ම්ම් අදත් ඔයා නිශ්ශබ්දයි ඔම්මා.. ඇයි මගේ ප්‍රශ්න වලට මට උත්තර හොයාගන්න බැරි.... ??
කෙල්ල තනියම එහෙම කල්පනා කලේ තද සීතල නිසා දැනටමත් අයිස් වෙන්න කිට්ටු තමන්ගේ අත් එකිනෙකට මදින ගමන් උණුසුම් වෙන්න උත්සාහ කරලා...
ඒ එක්කම ආයෙමත් එයාගේ උරහිස් වලට දැනුනේ සීතල කපාගන යන පුංචි උණුසුමක්..." හ්හ්... " කෙල්ලව ඒකට නම් ටිකක් ගැස්සුනා..
" ඇයි ඔයා මම කියන දේ අහන්නෙම නැත්තේ.. ම්ම්.. " එයා එහෙම කිව්වා...
YOU ARE READING
DUΛL⏳ ( Completed )
Fanfiction~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් නෑ... මම ලස්සනත් නෑ.. අනික මම ඔම්මා අප්පා නැති අනාතයෙක් කියලා දැනගනත්.. ඇයි.. මේ තරමට මට.... ? මට ඔයාට දෙන්න කියලා කිසිම දෙයක් නෑ ටේහ්‍යුන්...