ඇදේ ඒ මේ අත පෙරලිලා කෙල්ල තවත් ටිකක් නිදා ගන්න හැදුවත් හැමදාම උදෙන්ම ඇහැරිලා පුරුද්දට වෙනදා වගේම එයා ඒ වෙලාවට ඇහැරුනා...
Club එක අරින්නේ දහයට උනත් වැඩ කරන අය එතෙන්ට නවය වෙද්දි ඇවිත් ඉන්න එක Club එකේ තිබ්බ එක නීතියක්.. ඉතින් කෙල්ල හැමදාම හත වෙද්දි නැගිටින්න පුරුදු වෙලා හිටියා...ටිකක් වෙලා ඇද උඩට වෙලා එයා කල්පනා කලේ ඊයේ දවස ගැන ... තවමත් ඒක හීනයක් වගේයි එයාට දැනුනෙ... ටේහ්යුන් ව අදුන ගත්තා... ඒ පයින්ම ගෙදරත් ඇවිත් නතර උනා කියලා හිතෙද්දි කෙල්ලට පොඩි අපහසුතාවක් දැනුනේ නැත්තේ නෑ....
කෙල්ල හෙමින් හෙමින් කාමරෙන් එලියට ඔලුව දාලා බලලා දොරත් ඇරගන එලියට ආවා.. කොල්ලගෙ කාමරේ දොර නම් තාම වහලා නිසා කෙල්ල හෙමින් පහලට බැහැලා ෆ්රිජ් එකෙන් වතුර බෝතලයක් අරන් ඒකෙන් ටිකක් බිව්වා... ඒ අතරෙත් එයා බලන් හිටියේ ටේහ්යුන් පඩිපෙල බැහැලා කොයිවෙලේ හරි ඒවි කියලා උනත් තව පරක්කු උනොත් කොල්ලට Company එකට යන්න පරක්කු වෙන නිසා කෙල්ල හෙමින් ගියේ ටේහ්යුන් ගේ කාමරේ ඉස්සරහට...
" ටෙ ටේහ්යුන් ශී ... මේ.. ඔයා තවම නිදිද... මම මොනා හරි හදන්නද .. "
කෙල්ල ලාවට දොරට තට්ටු කලත් ඇතුලෙන් කිසිම ප්රතිචාරයක් තිබ්බේ නෑ...
" එයා උදෙන්ම ගියා වත්ද... "තව පාරක් දොරට තට්ටු කරලා කෙල්ල කල්පනාවෙන්ම හැරුනේ කාමරේට යන්න..
" ආහ්... මගේ ලග එයාගේ නම්බර් එකක් වත් නෑ නේ.. ස්ස් උදේට කෑවද දන්නෙ නෑ... "කෙල්ලගේ කල්පනාව බිදුනෙ ටේහ්යුන් ගේ කාමරෙන් ආව සද්දේ නිසා...
" ඔමෝ... වීදුරුවක් නේද... "
කෙල්ල කලබලෙන්ම ආයෙත් කොල්ලගේ කාමරේ දොරට හේත්තු වෙලා තඩිබාන්න ගත්තා.." ටේහ්යුන් ශී ... අ අනේ ඔයා හොදින්ද.. ඔයා ඉන්නවා නේද.. අනේ මේ දොර අරින්නකෝ.. අනේ දෙයියනේ කරදරයක් නම් වෙන්න එපා... "
කෙල්ල කෑගගහ දොරට ගහද්දි හෙමින් හෙමින් දොරේ අගුල ඇරුනා.. දොර ඇරෙනවත් එක්කම කෙල්ල කෑගහගන බනින්න ගත්තේ බය උන පාරට...
" යා... මො මොනාද ඕක ඇතුලට වෙලා මෙච්චර වෙලා කලේ... වීදුරුවට මොක.... හ්හ්... "
කෙල්ල කියව කියව ඉද්දිම දොර එහා පැත්තෙන් මතු උනේ ටේහ්යුන් උනත් කොල්ලා හිටියේ බාගෙට ඇස්දෙකත් ඇරගන.. මුලු ඇගම දාඩියට තෙත් වෙලා.. තොලුත් යන්තමට වෙවුලුවා.. මුලු කොන්ඩේම දාඩියෙන් තෙත් වෙලා කූරු ගැහිලා... කෙල්ලට කියකිය හිටපු එකත් ගිලුනා..
YOU ARE READING
DUΛL⏳ ( Completed )
Fanfiction~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් නෑ... මම ලස්සනත් නෑ.. අනික මම ඔම්මා අප්පා නැති අනාතයෙක් කියලා දැනගනත්.. ඇයි.. මේ තරමට මට.... ? මට ඔයාට දෙන්න කියලා කිසිම දෙයක් නෑ ටේහ්යුන්...