Darkness ..

158 44 15
                                    

" හ හරි... ඔ ඔයා යන්න... "
ගේ ලගට වෙනකන් ආව ටැක්සි එකට කොල්ලා සල්ලි කොල කීපයක් දික් කරලා ඉක්මනට ගේ පැත්තට දිව්වේ කලබලෙන්....

තවත් දවසක් ගතවෙලා කොල්ලා කොරියා ආවා... ගෙදරට යද්දිත් හොදටම හවස් වෙලා..
ගේ දොරකඩටම ආවත් කොල්ලා ආයෙත් බැලුවේ ගෙදර පේන්න තරම් කිසිම බල්බ් එකක් දැල්වෙලා නැති නිසා...
" යුන් ගෙදර නැතුව වත් ද.. ඒත්... ඒත් කොහේ ගිහින්ද... ? "

කොල්ලා තනියම කල්පනා කරලා එයාගේ පර්ස් එකේ තිබ්බ යතුරෙන් දොර ඇරියේ තදින් හුස්ම ගන්න ගමන්....

" යුන්... ඔ ඔයා ඉන්නවද.... "
ගෙදර කවුරුත් ඉන්න පාටක් පෙනුනේ නෑ...

අඩුම තරමේ ගේ ඇතුලට ආව හඳ එලිය ඇරුනම කිසිම ආලෝකයක් වත් තිබ්බේ නෑ....
කොල්ලගේ හිත පුදුම තරම් බය වෙලා..ඇත්තටම තමන් නැති කාලෙදි යුන් කොහොම හැසිරුනාද කියන එක කොල්ලට ප්‍රශ්නයක් ....

" අනේ දෙයියනේ යුන්...ඔයා කොහෙද... "
අත්දෙකෙන්ම ඔලුව අල්ලගන කොල්ලා සාලෙත් පහුකරන් ටිකක් ඉස්සරහට ගියා...

සාලේ , kitchen එක... ඒ හැම තැනක්ම ඒ විදියමයි... මාස හයකට කියලා වෙනස් වෙලා තියෙන්නේ ගෙදර පෙනුම විතරයි ...

ඔව්.. කොල්ලගේ ගෙදර දැන් නිකන් අවුරුදු ගානක් පරණ තැනක් තරමට හැඩි වෙලා... ඉදලා හිටලා නහයට දැනුන බියර් ගද කඩාගන එයාට දැනුනේ හුරුපුරුදු සුවදක්...

" හ්... සුදු රෝස මල්... "
ලා හඳ එලිය මැද්දෙන් කොල්ලා දැක්කා සාලේ මේසෙ උඩ තිබ්බ රෝස වාස් එක... ඒවා අලුත්... ගෙනල්ලා දවසක් ඇති කියලයි කොල්ලට දැනුනේ...

" ඒ කියන්නේ යුන් ඉන්නවා... යුන්... "
කොල්ලා තනියම මුමුණ මුමුණ හැමතැනම දිව්වේ කලුවරේම හැප්පි හැප්පි...
එයාට ලයිට් එකක් ඔන් කර ගන්න වත් සිහියක් ආවේ නෑ....

පහල තට්ටුවේ ම හෙව්වත් එයාට කිසිම සේයාවක් හම්බුනේ නෑ... කොල්ලා පැටලි පැටලි පඩිපෙල දිගේ උඩට දිව්වේ හිතේ කැකෑරුන පුංචි හරි බලාපොරොත්තුවකින්....

" ඉයුන් බී ....

යුන්... අනේ ඉන්නවා නේද ඔයා... "
කොල්ලා හති දදා ආයාසයෙන් හඩ පිට කලත් කිසිම සද්දයක් වත් ප්‍රතිචාරයක් වත් ලැබුනේ නෑ....

DUΛL⏳ ( Completed )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ