Not The End ..

187 56 20
                                    


ටේහ්‍යුන් හිටියේ meetings වලටම බිසී වෙලා.. ඒ නිසාම කෙල්ල කෑම ටිකත් උස්සගන කොල්ලගේ කාමරේටම ගියේ කොල්ලා වැඩ කරන්න ගත්තම කන බොන එකත් අමතක කරන නිසා...

හෙමීට දොර ඇරලා කෙල්ල ඇතුලට යද්දි කොල්ලා ඇද උඩ lap එකත් තියාගන ෆයිල්ස් වගයක් කියවන ගමන් කාට දෝ හොදටම බනිනවා.....
" Nonsense ... මම කියලා තියෙනවා ආයේ ආයෙත් මට මේවා චෙක් කරන්න තියන්න එපා කියලා...
මේ ෆයිල් එක වත් හරියට complete නෑ... එහෙම වෙලත් තමුන්ලා කියන්නේ මට දැන් agreement එක sign කරන්න කියලද... හහ් මේ විස්තර ටික වත් හරිහැටි නැතුව...

මම ආයේ කියන්නේ නෑ... තමුන්ලගේ රස්සාව ඕනි නම් කරනවා ඒක හරියට... මෙතන මම නේ ඔක්කොම කරන්නේ... ආ.. තේරුනාද... "
Lap එකටත් රවාගන එයා බැනගන බැනගන යද්දි කීපදෙනෙක්ම සමාව ඉල්ලන සද්දෙත් කෙල්ලට ඇහුනා...

ඇගිලි තුඩු වලින් ඇතුලට ආව කෙල්ල ටේහ්‍යුන් ගේ රතු උන මූණ දැකලා ගැස්සුනා..
කෙල්ල ආවා දැකපු ගමන් කොල්ලා කෙල්ලගේ දිහා බලලා ඒ තරහින් පිරුන මූණ ලස්සන හිනාවකට පෙරල ගත්තා....
" ඔතනින් තියන්න... "
කෙල්ලට හිනාවෙලා එතන තිබ්බ මේසේ ඔලුවෙන් පෙන්නන ගමන් කොල්ලා ආයෙම ෆයිල් එකක් අතට ගත්තා...

හවස් වෙලා කෙල්ල තේකකුත් හදාගන ආයෙම ගියේ කොල්ලගේ කාමරේට .. කොල්ලත් තාම හිටි වනම ඇද උඩ.. කෑම එකත් තිබ්බ විදියටම මේසේ උඩ...

කෙල්ලට ඒකට නම් ඇත්තටම තරහා ගියා.. ඉනටත් අත්දෙක තියලා කෙල්ල වෙලාව බැලුවා..
" ස්ස් ... පහ හමාරයි... "
කෙල්ලට කෑගැස්සුනා.. කොල්ලා තාම කලා නෑ.. කෙල්ල තේකත් මේසේ උඩින් තියලා වේගෙන් ගියේ කොල්ලගේ ලගට...

" හ්ම්ම්... Okay.. පාර්ක්... ඔයා Basic එක ගැන බලලා මට mail එකක්..... ඔහ්... අ... "
කොල්ලගේ කතාව මග නතර උනේ කෙල්ල කොල්ලගේ උකුලේ තිබුන lap එක අරගන ඇද උඩින් තියලා කෑම ප්ලේට් එක කොල්ලගේ උකුලෙන් තිබ්බම...

" දැන් ඇති ටේහ්‍යුන් ශී ... ඔයා කාලා නෑ.. දැන් කෑම කන්න ඕනි ඔයා.... කෝ... "
කොල්ලා කටත් ඇරන් බලන් ඉද්දි meeting එකේ කට්ටියත් සද්ද නැතුව මේ සිද්ධිය බලාගන....

" අ අනේ... යුන්.. මම මේ important meeting එකක ඉන්නේ... දැන් ...බෑ අ..."

" ආනී... ඒක ටිකකට නතර කරන්න... දැන් ඔයා කන්න ඕනි.... කෝ ඉතින්.. බෑ කිව්වොත් අල්ලගන කවනවා හොදේ.. නොකා නොබී ඉදලා ඔයා ලෙඩ වෙයි... "
කෙල්ල තරහින් රතු වෙලා.. කොල්ලා පලවෙනි පාරට කෙල්ල තරහින් ඉන්නවා දැක්ක නිසාද මන්දා කොල්ලට තාම හිතාගන්න බෑ...
" ඒත්...."

DUΛL⏳ ( Completed )Onde histórias criam vida. Descubra agora