Grave එකේ ගහලා තිබ්බ ඒ රූපේ තවමත් කෙල්ල එක්ක හිනා වෙනවා... කෙල්ලගේ අතේ තිබ්බ සුදු රෝස මල් පොකුර එයා කොල්ලගේ සොහොනෙන් තිබ්බේ කදුළු ත් එක්කමයි...
" ටේ.... මේ බලන්න.. අපේ පැටියා.. එයා.. එයා දැන් ලොකුයි ටේ... දැන් එයාට මාස තුනකටත් ලගයි... ඔයා එනකන් මම එයාව ස්කෑන් කලේ නෑ... එයා පුංචි අදල් කෙනෙක් වෙන්න ඇති නේ... ඔයා වගේ පුංචිම පුංචි ... "
බඩට තට්ටු කරන ගමන් කෙල්ල කදුළු එක්කම හිනා උනා... ඒ රූපෙත් එයා එක්ක හිනා උන වන මයි..." ඔයා එනවා නේද ටේ.... දන්නවද... මම දැන් කලුවරට බය නෑ... චහ් මම දැන් ඒකට ඇබ්බැහි වෙලා වගේ.... "
කෙල්ල හිටගනම කියවන් ගියේ එයාගේ හිතේ කොල්ලට කියන්න ගොඩක් දේවල් තියෙන නිසා.." මට ඔයා නැතුව නින්ද යන්නේ නෑ ටේ.. ඔයාගේ හිනාව මට හීනෙන් පේද්දි මට පිස්සු වගේ... ඔයා මට පොරොන්දු උනා ටේ... අනේ ඇයි ඉතින් මේ.. "
කෙල්ල ඉකි ගගහා අඩන්න ගත්තේ වාවගන්න බැරිම තැන... අඩුම තරමේ තමන් ගැන අනුකම්පා කරලා හරි කොල්ලා ආපහු ඒවි කියලා කෙල්ල බලාපොරොත්තු උනා...එයා විනාඩි පහලවක් විතර හිටගනම එයාගේ හිතේ තිබ්බ දේවල් කිව්වා...
" හ්හාඅ ... ඔයාට ඇහෙනවද දන්නෙත් නෑ මාව.... "
කෙල්ල අහකට හැරුනේ බරට හුස්මක් පිට කරලා ....
" අහ්... ආ.. "ඒ එක්කම එයාගේ බඩ ලගින් ආව වේදනාවට කෙල්ල අතකින් තදින් බඩ අල්ලගන එතනම තිබ්බ ගහට වාරු උනත් එන්න එන්නම වේදනාව වැඩි වෙන්න ගත්තා...
" ආහ්... අනේ... දෙ දෙයියනේ මගෙ මගේ.. පැටි... යා... ආ අනේ ඇයි ඇයි ටේ මේ.. ආව්.. "
කෙල්ල ලොකු වේදනාවකින් ගහ දිගේ රූටලා ඇවිත් කොල්ලගේ සොහොන ලගම බිම ඉන්ද උනේ කෑ ගහගන උනත් ලග අහල පහල කියලා කවුරුත් ඒ වෙලේ හිටියේ නෑ..." අ....හ්හ්... ටේ... අනේ අනේ මට රිදෙනවා.. ඔ ඔයා ... අනේ මං ලගට එන්න කො කෝ... හ්හ් "
කෙල්ල ඒ හිනා වෙලා බලන් ඉන්න රූපේ දිහා බලාගනම ඒ දිහාවට අත දික්කලත් කවුරුත් ආවේ නෑ... කෙල්ල වේදනාවෙන් දගලලා කොල්ලගේ සොහොන පිටම වැටුනේ ඒ ඇස් වලට පෙනුන ඒ රූපේ එන්න එන්නම බොද වෙලා නැති වෙලා යද්දි...*********
After Another 4 months ....
.
.
YOU ARE READING
DUΛL⏳ ( Completed )
Fanfiction~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් නෑ... මම ලස්සනත් නෑ.. අනික මම ඔම්මා අප්පා නැති අනාතයෙක් කියලා දැනගනත්.. ඇයි.. මේ තරමට මට.... ? මට ඔයාට දෙන්න කියලා කිසිම දෙයක් නෑ ටේහ්යුන්...