- "හ්යු....න්ග්......."
ඔහුගේ ඇස්වල පිරුණු කඳුළු කම්මුල් දිගේ රූටා විත් පොළව සිඹ ගත්තේ ජිමින්ගේ දෙනෙත් ඉදිරිපිටදීම ඔහුගේම අතින් සහෝදරයට වැදුණු වෙඩි උණ්ඩය ජන්කුක්ගේ පිටුපසින් සම පසාරු කරවිත් රුධිරය ගලාවිත් කමිසය තෙත් කරමින් බදාගෙන සිටි ථේගේ අතෙහි තැවරෙන ජන්කුක්ගේ රුධිරය දෙස බලමින්. සිදු වූ දෙයින් කම්පනයට පත් වුණු ජිමින්ගේ අත වෙව්ලන්නට ගත්තා. බය වී ගොඩනැගිල්ලේ කෑ ගසමින් එහේ මෙහේ දුවන අයත් එතනම නැවතුණේ එක්වරම ඇහුණු වෙඩි හඬ නිසා මුළු ගොඩනැගිල්ලම නිශ්ශබ්දතාවය ගිලගනිමින්.
- "හ්යුන්ගි................."
සිදුවු දෙයින් කම්පනයට පත් වු ජිමින් පියවි සිහියට පැමිණිමෙන් පසු හඬමින් කෑ ගසා තුවක්කුව බිම දමා ථේගේ තුරුලේ සිටි ජන්කුක් වෙත දිව ගියා. ථේව තදින් බදා සිටි ඒ අත් කෙමෙන් කෙමෙන් ලිහිල් වනවා දැනුණු ථේ පියවි සිහියට පැමිණියා. ජන්කුක්ව වැටෙන්නට නොදි අල්ලා ගත් ථේගේ අතෙහි තැවරුණු රුධිරය දුටු ථේටත් නොදැනීම දෙනෙතෙහි කඳුළු පිරුණා.
- "ජන්...කුක්"
- "හලෝ... ඉක්මනට ambulance එකක් එවන්න."
- "ජන්කුක්... අනේ හ්යුන්ග් කතා කරන්න. යනවා පැත්තකට."
ථේගේ තුරුලේ සිටි ජන්කුක්ව තමන්ගේ දෑත් අතරට ගත් ජිමින් ථේව තල්ලු කර හඬමින් පඩිපෙළ දිගේ පහළට දිව ගියා. ඒ පසුපස ජන්කුක් සමඟ පැමිණි යුන්ගි ඉක්මනට ambulance එකකට කතා කලේ මෙහි තත්ත්වය ගැනත් පවසමින්.
.
.
.
.
.
.- In the ambulance -
- "හ්යුන්ග් ආයේ යන්න එපා. මාවත් අප්පවත් දාලා යන්න එපා. හ්යුන්ග්"
- "මට සමාවෙන්න හ්යුන්ග්......"
- "අනේ තව ඉක්මන් කරන්නකෝ. ඉක්මනට යන්."
- "අනේ හ්යුන්ග්."
ජිමින් කියව කියව හඬමින් සිටියේ ජන්කුක්ගේ අත තදින් අල්ලන්. වෙනදා සිනාසෙමින් සුගා සමඟ විහිළු තහළු කර හිනා වුණු අතිජාත මිත්‍රයා අද නිසොල්මන්ව ඇදේ දෑස් පියාගෙන සිටියේ හැමෝමත් එක්කම තරහ වෙලා මෙනි. යුන්ගිගේ දෑස් අගින් වැටෙන කඳුළු බිංදු ගැනවත් නොතකා ඔහු ජන්කුක් දෙස හඬමින් බලා උන්නේ හිත යටින් දහස් වතාවක් ජන්කුක්ගෙන් සමාව අයදමින්.
.
.
.
.
.
.
YOU ARE READING
Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅
Fanfiction................ තම සහෝදරයට පණ මෙන් ආදරය කරන සොහොයුරෙක් වගේම තම එකම සහෝදරයට දැඩි ලෙස වෛර කරන සොහොයුරෙක් ................ 🔹️වෛරයෙන් අන්ද වුනු ඔහුට කිසිදා තම සහෝදරයගේ ආදරය නොදකීවිද? 🔹️වෛර කරන ඔහු කවදා හෝ තමන්ව සහෝදරයෙකු ලෙස පිලිගනිවිද? 🔹️මොවුන් දෙද...
Chapter 30
Start from the beginning