🔞 16th Bite ❤️

Start from the beginning
                                    

❤️ මමා.....🥺🥺🥺

දුවලා ගිහින් ඒ ඇගේ එල්ලෙන්න නොහිතුනාම නෙවෙයි ජාන්ට.. ඒත් අවුරුදු ගානකින් දැක්ක ඒ රුව දුර ඉදන්ම රසවිදින්න ජාන්ට ඕන උනා.. මොකද ලගට ගියොත් කවදාවත් ජාන්ට කතා කරන්න හිතෙන්නේ නෑ එයා එක්ක.. කොට ටයිට් ස්කර්ට් එකට රෝස පාටින් බ්ලවුස් එකක් ඇදලා කොන්ඩේ කඩාදාලා උන්න ජාන්ගේ මමාට තිබ්බේ සංකර පෙනුමක්...

❤️ ම්ම්.. වෙනස් වෙන්නෙ නෑ මමා ඔයා.. වයසට යන්න යන්න ඔයා කෙල්ල වෙනවා නේද... මමා මම ඔයාට ආදරෙයී.. ඒත් මට ඔයාව කවදාවත් එපා... ඔයා මමා කියන වචනෙටවත් සුදුසු නෑ.. මට ඉන්නේ ඩැඩීගේ අම්මී විතරයී...

ජාන් ඇස් වලට උනපු කදුළු අත් දෙකෙන්ම පිහදාගෙන හෝල්ට් එකට යද්දිම ජාන් දැක්කේ පාරෙන් එහා පැත්තේ නවත්තපු කලු පාට අවුඩිය...

❤️ ම්ම්ම්ම්ම්... ජරා යකා... බල්ලා...

තමන්ගෙම මමා.. තමන් මේ ලෝකේ පිලිකුල්ම කරන මනුස්සයගේ අතින් අල්ලන් හිනාවෙවී ඒ කාර් එකට නැගලා යන්න යද්දි ජාන් හෝල්ට් එකේ කනුවට හේත්තු උනේ ගැහෙන පපුවට අතක් තියාගෙන..

" වෛර කරනවා මමා ඔයාට මන්.. ජරා ගෑනීයෙක් ඔයා.. කොහොමද ඔහොම කරේ මට.. ඇයි මමා මාව දාලා ඒ මිනිහා එක්කම ගියේ.. ඔයා කොහොමද සතුටින් ඉන්නෙ මමා... ඔයාට ඉන්න එකම දරුවා නේද මම... මාව අතෑරලා ඔයා සතුටින් ඉන්නවා.. ඒත් බොරුවට ඔයා දුකින් කියලා මට පෙන්නන්න හදනවා.. "

ශැංහයි ටවුන් එකට යන්න බස් එක තමන් ඉස්සරහින්ම නවත්තලා තිබුනත් ජාන් නෙවෙයි බස් එක දැක්කේ.. ඈත ඉදන්ම ජාන් ඔහේ බලාගත්තු අත බලන් ඉන්නවා දැක්ක යීබෝ දුවලා ඇවිත් ජාන්ගේ අතින් ඇදන් බස් එකට නගිද්දියි ජාන් හොද සිහියට ආවේ...

💚 මොන ලෝකෙද ඉන්නේ ජාන්...ආ...

❤️ සොරි.. මන් දැක්කේ නෑ...🥺🥺

💚 මෙතනින් වාඩි වෙන්නකෝ... කෝ ඇයි මේ කදුළු ම්ම්.. අඩන්න එපා රං ඉතින්.. මන් කෑ ගහපු නිසාද මේ..

❤️ ම්ම්..🥺🥺

හිතේ කැකෑරෙන දුක කියාගන්න බැරිව ජාන් ජනේලෙට ඔලුව හේත්තු කර ගත්තා.. යීබෝ ජාන්ගේ ඇගිලි අස්සේ තමන්ගෙ ඇගිලි පටලගත්තත් ජාන් ඒ ගැන උනන්දු නොවුන නිසා යීබෝ ජාන්ව ඇදලා අරගත්තේ පපුවට වෙද්දි , ජාන් ඒ ඇදිලා ආව පමාවට ආයෙමත් ඈත් වෙද්දි යීබෝගේ මූණත් ඇද වෙලා ගියා...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now