EP 2

135 39 0
                                    

ඔම්මා මගේ එක්සැම් වැඩෙ ඉවරයි, අප්පා කිව්වා අද එනකොට මට ඔනි කිව්ව ගිටාර් එක ගෙනල්ල දෙනවා කියලා .
එ නිසා මම හෙට ඉදන් මියුසික් ක්ලබ් එකට ජොයින් වෙන්න යන්නෙ

කිචන් එකට ගියපු ජන්කුක් කැම මෙසෙ උඩ වාඩි වෙලා ඔම්මා කපලා තිබ්බ කැරට් කෑල්ලක් කටේ දාගන්න ගමන් කිව්වේ , ඔම්මා එයාගෙ අතට පාරක් ගහනකොට.

මම කපපු කෑරට් ටික ඉවර කරන්න එපා කපාන කන්න ඔනි නම් .

අය්යො ඔම්මා ...

මම දන්නවා ඔයා මෙතනට ආයෙ ක්ලබ් එකෙ වැඩෙ ගැන කියන්න නෙමේ කැරට් ටිකට විදින්න කියලා .කො යන්න

යනෝ ....
_________________

යුන්ගි හ්‍යුන්ග්

මියුසික් ක්ලබ් රූම් එකේ හිටිය හැමොගෙම අවදානෙ තමන් දිහාවට යොමුවෙනකොට ජන්කුක් කෑ ගහගෙන එතනට ඇතුල් උනා .

පියානො එක අසළ ඉදන් හිටිය යුන්ගි මරණීය බැල්මත් එක්ක ඔලුව පිටි පස්ස අත ගාන ගමන් ජන්කුක් ගිහින් වාඩි උනා .

මුලු වෙලාවෙම වට පිටෙ හැමදේම අමතක උන ජන්කුක් ගේ අවදානෙ තිබ්බෙ ගිටාර් එකට විතරමයි .එ නිසා එයාට මගඇරුනා එයා නිසා එයාගෙ මුලු අවදානෙම පාඩමෙන් පිට ගිහින් ඉන්න කෙනෙක්ව .

SELENOPHILE ✔Where stories live. Discover now