EP 01

193 44 1
                                    

යාහ් චා ඉයුන්වො ... මගේ වතුර එක ඉවර කරේ ඇයි ඔහේ ....

මගෙ වතුර බොතලේ දාලා ඇවිල්ලා තියෙන්නෙ ඔයාගෙ එකෙන් ටිකක් බිව්වා

ටික , තොගෙ හැල්මොනිට

යකො මෙතනින් පොඩ්ඩක් එළියට ගිහින් වතුර එකක් අරන් එන්න බැරුවද මට කැ ගහන්නේ ?

උඹට බැරි උනාද අරන් එන්න .

ඔප්පා කෙනෙක් කිව්වා මේක දෙන්න කියලා .
එතනට දුවන් ආපු පැත්තක ප්‍රැක්ටිස් කර කර හිටපු ගර්ල් කෙනෙක් ජන්කුක් ට වතුර බෝතලයක් දික් කළා .

කව්ද ?
වතුර බොතලෙ අතට ගන්න ගමන් ජන්කුක් ඇහුවා .

අර අතන ...
ඔහ් එයා ගිහින් ඔප්පා

අහ් thank you !

මෙහ් කෙල්ලට බැරිද මූණටම කියන්න එක එයා දුන්නේ කියලා , මොනා නැතත් ලස්සන කෙල්ල
හොල් එකෙ අනික් කොනට දුවන් යන කෙල්ල දිහා බලාන හිතපු ජන්කුක් ආයෙමත් ගියේ ප්‍රැක්ටිස් වලට .

__________

උඹට වතුර ගෙනල්ලා දෙන්න කෙල්ලයි
අරක ගෙනල්ලා දෙන්න කෙල්ලයි
ලිව්ම් දෙන්න කෙල්ලයි
එකට මට බලපන්
මම විදින දුක .

ඇයි උඹට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නේ ,
පාරෙ තිබ්බ ගල් කැටෙකට පයින් ගහන ගමන් ජන්කුක් කිව්වෙ එයාට එහා පැත්තෙන් ඇවිදන් එන ඉයුන්වොට .

එකයි නෙ බන් කිසි චේන්ජ් එකක් නෑ .

ඉදපන් මම කෙල්ලගෙ කනෙ තියන්නම් උඹ කිව්ව එක .

අනෙ කොල්ලො පින් සිද්ද වෙයි ..... එ වැඩෙනම් කරන්න එපා මාව මරන් කයි . කාලා කටු ටිකෙන් අර නකුටු බල්ලට සුප් හදලා දෙයි . අනික උඹව විශ්වාස කරලනෙ මම මෙහෙම කතා කරන්නේ

මොනාද ජන්කුක් මෙයා කියන්නේ ?
පස්සෙන් දුවන් ආපු කෙනෙක් ඇහුවේ ඉයුන්වොව ගැස්සිලා යනකොට .

ඩාර්ලින් මම ජන්කුක් එක්ක කිව්වෙ ඔයාගෙ අර සූටි හුරතල් ලස්සන බව්වා ... එයාට බොන්න සුප් එකක් හදලා දෙන්න ඔනි කියලා .
එක පාර පිටිපස්ස හැරුණ ඉයුන්වෝ ගර්ල්ගෙ අතින් අල්ල ගන්න ගමන් කිව්වා .

ඇත්තද ජන්කුක් ?

අහ් මේ ඔව් ඔව් ඇත්ත , මස් කටු සුප් එකක් ගැන තමා කිව්වේ !!

මස් කටු ?

ජන්කුකෝ ඔයා අතන පාරෙන් හැරෙන්න ඔනි නේද ? ඉක්මණට යනවා ඔම්මා බලාන ඇති . ඩාර්ලින් මොකද කියන්නෙ අපි ගෙදර යන්න කලින් කැෆෙ එකකට යන්ද ?

පිස්සුද ...
ඔප්පා බලාන ඇති මම ගෙදර යන්න ඔනි .

අනෙ ඩාර්ලින් ඔයාට මම වෙනුවෙන් වෙලාවක් නැද්ද ?

යන් අපි දෙන්නා ගෙ ගාවට යනකන් ඇවිදන් ,

බාය් කුක්කා ....

ඉයුන්වොට අත වනපු ජන්කුක් ගෙදරට යන්න තියන පාරට හැරුනේ පුරුදු නුපුරුදු වචනයක් ඔලුවට මතක් වෙනකොට .

SELENOPHILE
කොහිදද ... අහලා පුරුදුයි මොකද්ද එ වචනේ අමුතුයි මෙ ටිකේ කොහෙටවත් නැති එවා හිතෙනවා වැඩියි .

SELENOPHILE ✔Onde histórias criam vida. Descubra agora