"ආයිෂ්.. මොකාද යකූ උදේ පාන්දර මෙච්චර මැසේජ් එවන්නේ? "

මැසේජ් කරපු අයගේ හත්මුතු පරම්පරාවට ම බැන බැන මන් ඒ කවුද කියලා බැලුවේ හදිසි පණිවිඩයක් ද දන්නේ නැති නිසා.

' Media Unit - 30 messages
  Hee Jin - 10 messages '

බැලූ බැල්මට ම මොකක්හරි ලොකු අවුලක් කියලා පෙනුන නිසා මන් කොණ්ඩේ පීරන එකත් පැත්තකට දාලා මුලින් ම හීජින්ගේ චැට් එක ඕපන් කළේ අනිවා එතන ගෘප් එකේ මැසේජ්වල සාරාංශයක් ඇති කියලා හිතුන නිසා.

' ගුඩ් මෝනින් '

' යාහ්.. තාම නිදිද හලෝ? '

' යාහ්.. මින්හීයා '

' ඇහැරෙනවකෝ '

' ඔයා අද ස්කූල් එන්නේ නැද්ද? '

' මට බූට් එක තියන්න එහෙම ලෑස්ති වෙන්න එපා '

' ඒයි මින්හීයා.. ඔන්ලයින් එනවකෝ '

බාගයක් දුරට මැසේජ් කියවන් යද්දි මට හැමදේම අමතක වෙලා මොහොතකට හිනා ගියේ හීජින්ගේ මැසේජ් ටිකට. උදේ ඇහැරුන ගමන් අනිත් කෙනාට මැසේජ් එකක් දාන එක අපි දෙන්නගෙ ම පුරුද්දක්. මන් ඔන්ලයින් නෑ කියලා දැකපු නිසා තමයි උදේ පාන්දර මේ මනුස්සයා චැට් එක විනාස කරලා තියෙන්නේ. කල්පනාවක හිටපු මන් පියවි සිහියට ආවේ ඒත් එක්ක ම හීජින්ගෙන් ආපු අලුත් මැසේජ් එකට.

' ඒ මින්හීයා.. මොකක්ද හලෝ අර ගෘප් එකේ කියලා තියෙන්නේ? එකෙක්වත් එන්නේ නැද්ද එතකොට අද? '

' ඇයි මොකද වෙලා තියෙන්නේ? '

හීජින්ට රිප්ලයි කළත් එයාගෙන් උත්තරයක් බලාපොරොත්තු නො වී ම මන් ගෘප් එකේ චැට් එක ඕපන් කළේ වෙලා තියෙන දේ නිකමට වගේ යටි හිතට දැනෙද්දි.

"ආයිෂ්.. චින්චා? මුන් එකෙක්ටවත් බැරිද එතකොට අද එන්න? "

ගෘප් එකේ මැසේජ් එකින් එක කියවගෙන යද්දි මට ඉබේට ම කෑගැහුණා.

' ආයිෂ්.. මට නම් කේන්තියි හීජිනා. අනේ ඉක්මනට ස්කූල් එන්නකෝ. අපි ස්කූල් එකේ දී කතා කරමු. මට හොඳට ම පරක්කුයි අද. තාම කොණ්ඩේ පීරලවත් නෑ. '

හීජිනාට මැසේජ් එකක් දාලා හිතට ආපු කේන්තියට ම ෆෝන් එක ඇඳ උඩට දමලා ගහලා කොණ්ඩේ පීරන්න ගත්තත් වුණේ ආපහු පාරක් මට කේන්ති ගියපු එක විතරයි.

Not Alone || PJM [Completed] Tempat cerita menjadi hidup. Temukan sekarang